ඉන්දියාවේ ක්‍රිකට් සහ බොලිවුඩ් කියන්නේ එක්තරා ආකාරයක ආගම් දෙකක්. මේ ක්ෂේත්‍ර දෙකේම ලෝලීන් තම ප්‍රියතම ක්‍රීඩකයන් හා නළු නිළියන් අදහන්නේ දේවත්වයෙන්.
මේ ඇදහිල්ලට වර්තමානයේ ෆේස්බුක් ගිණුමෙන් ලැබෙන තල්ලුවත් සුළු පටු නැහැ. ෆේස්බුක් රසික සංඛ්‍යාවෙන් මේ ඇදහිල්ලේ තරම බොහෝ දුරට තීරණය කළ හැකියි.
ඉන්දියාවේ ෆේස්බුක් පිටුවේ වැඩිම රසික සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩියි. ඔහුගේ රසික සංඛ්‍යාව 42,302,899ක්. මෑතක් වන තුරු සල්මන් ඛාන්ට එහි දෙවැනි ස්ථානය හිමිවුණත් 35,760,230ක රසික ප්‍රතිචාරයක් සහිත විරාත් කෝලි සල්මන්ව තෙවැනි තැනට පත් කරමින් දෙවැනි තැනට පත්වීමට සමත්ව සිටිනවා.