ආදර කතා නැරඹීමට හේතුව තමන්ගේ දුව සුහානා කාන් බව සුපිරි බොලිවුඩ් තරු ශාරුක් කාන් පවසයි.
“ එයින් අදහස් වෙන්නේ මම ආදර කතාවලට අකමැති බව නෙවෙයි. ඒක වැරදි වැටහීමක්. ඒත් හාස්‍යජනක චිත්‍රපටවලින් මම ගොඩක් විනෝදයක් ලබනවා. ක්‍රියාදාම චිත්‍රපටවලටත් කැමතියි. දැන් මම ආදර කතාවලට ගොඩක් ආස කරන්න හේතුව තමයි මගේ දුව .මම දැන් ඒවා ගොඩක් බලනවා ඔව්, ඒ වගේම ඒ කතා හරි ලස්සනයි,”
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඔහුගේ නවතම සිනමාපටය වන “ජබ් හරි මෙට් සේජල්” හි “හවායෙන්” ගීතය එලි දැක්වීමේදියි.
සිනමාපටය එළැඹෙන අගෝස්තු 4 වැනිදා නිකුත් කිරීමට නියමිතය.