සුප්‍රකට බොලිවුඩ් නිලි මධුරි ඩික්සිත්ගේ ජිවිත කතාව ඇසුරින් නිපදවෙන කතා මාලාවක විධායක නිෂ්පාදනය සිදු කිරීමට ප්‍රියංකා චොප්රා සුදානම් වන බව බොලිවුඩය දෙසින් අපට වාර්තා වුනා.
වාර්තා වන ආකාරයට එම කතාවට පාදක වී ඇත්තේ මධුරිගේ සත්‍ය ජිවිතයයි.
සිය ද්විසංස්කෘතික පවුලේ සාමාජිකයන් සමඟ ඇමරිකාවේ නගරයක පදිංචි වූ පසු එයට හැඩගැසෙන අයුරු මෙම කතාව තුළ ගැබ්ව ඇති බව සඳහන්.
මෙය තරමක් හාස්‍ය රසයට බර අයුරින් නිෂ්පාදන කෙරෙනු ඇතැයි ද සැලකෙනවා.