ගේම් ඔෆ් ත්රෝන්ස් සීසන් 7 විකාශය වීමට නියමිතව තිබු මීළඟ කතාංගයේ තිරපිටපත සහ තවත් දත්ත, පරිගණක හැකර් කණ්ඩායමක් විසින් සොරාගෙන තිබේ.
HBO සමාගමේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුල් වී මෙය සිදු කර ඇත.
හැකර් කණ්ඩායම පවසන පරිදි සමාගමේ දත්ත ටෙරා බයිට් 1.5 ඔවුන් සතුව තිබේ. ඔවුහු HBO හි “බෝලර්ස්” සහ “රූම් 104” යන ටෙලි මාලාවන්ගේ ද විකාශය නොවූ කතාංගයක් අන්තර්ජාලය ඔස්සේ පෙන්වා තිබුණි.
තවත් දත්ත කිහිපයක්ම ළඟදීම නිකුත් කරන බවට හැකර් කණ්ඩායම අනතුරු අඟවා ඇත.
තමන් සයිබර් ප්රහාරයකට හසු වූ බව සඳහන් කරමින් HBO සමාගම ප්රකාශයක් නිකුත් කර තිබේ.
දත්ත සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ක්රියාත්මක වෙමින් පවතී.