අලිකතාව චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට විරුද්ධව වාරණ නියෝගයක් නිකුත්කර ඇතැයි මිරර් ආට්ස් වෙතා වාර්තා වේ.
අලිකතාව චිත්‍රපටය සාර්ථකව තිරගත වන අතරතුර එය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරිමට එරෙහිව එම චිත්‍රපටයේ නිෂ්පාදක ගුණපාල රත්නසේකර මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර ඒ අනුව අලි කතාව චිත්‍රපටය කිසිදු බාදාවකින් තොරව අගෝස්තු 2 දින දක්වා ප්‍රදර්ශනය කෙරේ.
එය ප්‍රදර්ශනයෙන් ඉවත් කෙරෙන්නේ කවදාද යන්න තීරණය වන්නේ අගෝස්තු 2 දින අධිකරණය විසින් ලබා දෙන තීරණය අනුවය.
"අලි කතාව" නැරඹීමට ආශාවෙන් සිටි එහෙත් ස්වභාවික විපත් නිසාත්, පාසල් වාර විභාග නිසාත්, එය නැරබීමට අවස්ථාව නොලැබුණු දරු දැරියන්ට එය නැරඹිමේ අවස්ථාව යලිත් උදා වී ඇත.
මේ සම්බන්ධයෙන් වීමසීම් කිරීම සඳහා චිත්‍රපටයේ නිෂ්පාදක ගුණපාල රත්නසේකර මහතා සම්බන්ධ කර ගැනීමට මිරර් ආට්ස් දැරූ උත්සාහය ව්‍යර්ථ විය.