අයහපත් සෞඛ්‍ය තත්වය නිසා රෝහල් ගත කර සිටින ඉන්දීය රංගන ශිල්පී දිලිප් කුමාර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ලතා මන්ගේෂ්කර් පවසා තිබේ.
ඉන්දියාවේ ගීත කෝකිලාවිය මේ බව සඳහන් කරමින් ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කර ඇත්තේ දිලිප් කුමාර්ගේ අසනීපය පිළිබඳ ඇයට ආරංචි වූ විගසය.
1940 ගණන්වල සිය සිනමා දිවිය ආරම්භ කළ සුප්‍රකට රංගන ශිල්පී දිලිප් පසුගිය 2 බදාදා විජලනය සහ මුත්‍ර ආසාදන තත්වයක් හේතුවෙන් ලීලාවතී රෝහලට ඇතුලත් කර තිබේ.
මේ වනවිට තරමක් සුවය ලබා ඇති මුත් හදිසි ප්‍රතිකාර අංශයේ දින තුනක් පමණ නවතා තැබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
බොලිවුඩ් සිනමාවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පියකු වූ දිලිප් කුමාර් 2015 වසරේ පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබිය.
ඉන්දීය සිනමාවේ සදා නොමැකෙන මතකයන් සනිටුහන් කළ සිනමාපට වන “දේව්දාස්, මුගල් ඒ ආසම්, කර්මා, මධුමති,ගංගා ජමුනා” වැනි ප්‍රසිද්ධ චිත්‍රපට රැසකට ඔහු සිය ප්‍රධාන රංගන දායකත්වය සපයා තිබේ.