නිකිණි පුර පස්ලොස්වක පොහොය දිනය යෙදී ඇති එනම් අද (07) දින අර්ධ චන්ද්‍රග්‍රහණයක් දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකය සඳහන් කර තිබේ.
අද රාත්‍රී 09.20ට ආරම්භ වන බව පැවසෙන චන්ද්‍රග්‍රහණය 08 වැනිදා අලුයම 02.21ට අවසන් වනු ඇත .
පියවි ඇසට දිස් වන මෙහි චන්ද්‍රයා, පෘථිවියේ වඩා අඳුරු වූ පූර්ණ ඡායාව තුළින් ගමන් කිරීම අරඹන අවස්ථාව අද රාත්‍රී 10.53ට උදා වේ. චන්ද්‍රයා පූර්ණ ඡායාවෙන් ඉවත් වීම පැය 01යි විනාඩි 55කින් එනම්, මධ්‍යම රාත්‍රිය පසු වී විනාඩි 48කට පසු සිදු වේ. රාත්‍රී 10.53 සිට ග්‍රහණය හොඳින් දිස්වනු ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලටද යුරෝපය, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් බොහෝමයකට ද චන්ද්‍රග්‍රහණය දිස් වනු ඇති බව පැවසේ.