දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු කමල් හසන් සිය දේශපාලන පක්ෂය පසුගියදා (21) පිහිටුවා තිබේ.
මක්කල් නීති මයියම්(ජනතා යුක්ති කේන්ද්‍රය) ලෙස නම් කළ මෙම පක්ෂයේ ආරම්භය සනිටුහන් කර ඇත්තේ තමිල්නාඩුවේ මධුරෙයි වලදී පැවැත්වූ විශාල උත්සවයක දීය.
ඒ අනුව දකුණු ඉන්දීය සිනමාවෙන් තමිල්නාඩු දේශපාලන පොර පිටියට අවතීර්ණ වුනු මීළඟ සුපිරි තරුව වන්නේ ඔහුයි.
සුප්‍රකට රංගන ශිල්පී රජිනිකාන්ත් ද දේශපාලනයට පිවිසෙන්නේ යැයි මෙම වසර මුලදී පොරොන්දු ලබා දුන්නේය.
62 හැවිරිදි කමල් හසන් සිය දේශපාලන ගමන ආරම්භ කරන වග ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ පසුගිය වසරේ ඔක්තෝබරයේදිය.
තමිල්නාඩු ප්‍රාන්තයේ දුෂණය මැඩ පැවැත්වීම උදෙසා කටයුතු කිරීම සිය ප්‍රධාන අභිප්‍රාය බව ඔහු එහිදී සඳහන් කර තිබුණි.