“දැවෙන විහඟුන්” (Burning Birds) සිනමාපටය
එළඹෙන ජූනි 29 වැනිදා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බව එහි අධ්යක්ෂ සංජිව පුෂ්පකුමාර පවසයි.
ඒ අනුව සිනමාපටය එදින සිට රීගල් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමාශාලා වල ප්‍රදර්ශනය වීමට නියමිතය.
සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනවිරත්න, අනෝමා ජනාදරී, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, දසුන් පතිරණ,ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, ලියෝනි කොතලාවල, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන ධර්මරාජ්, සංජිව දිසානායක ඇතුළු පිරිසක් දැවෙන විහඟුන් සඳහා රංගන දායකත්වය සපයා තිබේ.
කාලිංග දේශප්‍රිය කැමරාකරණයෙන්, අජිත් රාමනායක සහ කැතරිනා වර්තෙනා සංස්කරණයෙන්, අකුරම්බඩ පියතිස්ස කලා අධ්‍යක්ෂණයෙන් එක් වී ඇත.
දැවෙන විහඟුන් නිෂ්පාදනය රේණුකා බාලසුරිය, ආචාර්ය සෝමරත්න දිසානායක සහ අන්තෝනා දෙදේ විසිනි.