රසිකයන් ඉදිරියේ නැවත වතාවක් ගීත ගායනා කිරීමට තමන්ට නොහැකි වේවි යැයි
සිතුණු බව ලෝක ප්රකට ගායිකා ශකිරා පවසා තිබේ.
ශකිරා මේ ලෙස පවසා ඇත්තේ මාස 7 ක නිහැඬියාව බිඳ දමමින් නැවත වතාවක් ප්රසංග වේදිකාවේ ගායනයට එක් වූ පසුවයි.
මෙම ලෝක ප්රකට ගායිකාවගේ උගුරේ ඇතිවූ ආබාධ තත්වයක් නිසා “එල්ඩෝරාඩො” නම් සංගීත ප්රසංග කල් දමන ලද්දේ මිට මාස 7 කට ඉහත දී ය.
ඒ අනුව 41 හැවිරිදි ශකිරාගේ “එල්ඩෝරාඩො” ප්රසංගය රටවල් කිහිපයක පැවැත්වීමට නියමිත අතර ජූනි මස ආරම්භ කරන ලද එය එළඹෙන සැප්තැම්බර් මස දක්වා දිව යනු ඇත.
“මගේ ජිවිතයේ ඉතාමත් අපහසුම අවදිය තමයි පසුගිය වසරේ දී මට ගෙවීමට සිදු වුණේ. නැවත වේදිකාවට අවතීර්ණ වීම මා වඩාත් සංවේදී කළ අවස්ථාවක් වුණා. නැවත මගේ කටහඬ ලබා දුන්නොත් සෑම රාත්රියකම එය සමරන බවට මම දෙවියන් ඉදිරියේ පොරොන්දු වුණා. ඉතින් දැන් මම එය සිදු කරමින් සිටිනවා.”