ජාත්‍යන්තරය තුල කීර්තියක් අත්කරගෙන සිටින ප්‍රකට බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ට එරෙහිව ඉන්දියාව තුල දැඩි විරෝධයක් මතු වෙමින් තිබේ.
ඇමරිකානු ටෙලි මාලාවක් වන “කොන්ටිකෝ” වෙනුවෙන් ඇය සිදු කළ චරිත නිරුපනයක් මේ සඳහා හේතු වී ඇත.
එම රුපවාහිනී මාලා නාටකයේ ප්‍රධාන චරිතයකට පණ පොවන ඇය, කාශ්මීරයේ පැවැත්වෙන සමුළුවක් අතරතුර දී හින්දුන් විසින් මෙහෙයවූ කුමන්ත්‍රණයක් වළක්වන අයුරු දැක්වෙන දර්ශනයක් පසුගියදා විකාශය වූ පසු ඉන්දීය රසිකයන් ප්‍රියංකා වෙත මෙසේ විරෝධය පළ කර තිබේ.
පකිස්ථානයට පක්ෂපාති වෙමින් ඉන්දියානුවන්ට එල්ල කළ ප්‍රහාරයක් බැවින් ප්‍රියංකා එරටට පිටුවහල් කරන ලෙසත් බොහෝ රසිකයන් අදහස් පළ කර ඇත.
එසේම ප්‍රසිද්ධ ස්ථානවලට රැස්වූ සමහර පිරිස් ඇගේ ඡායාරූප පුළුස්සා දමන අයුරු එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පවසා සිටියේ තමන් “සාඩම්බර ඉන්දියානුවෙක්” බවත් ටෙලි මාලාව නිසා කාගේ හෝ හිත් රිදීමක් ඇති වූවා නම් තමන් “බෙහෙවින් කණගාටු” වන බවත් ය.
“සංකීර්ණ දේශපාලන ගැටළුවක්” මේ කතා මාලාවට ඈඳා ගැනීම ගැන “කොන්ටිකෝ” නිෂ්පාදනය සහ විකාශය කරනු ලබන ABC ආයතනය සිය කණගාටුව පළ කර ඇති අතර නාට්‍ය අධ්යක්ෂණයට හෝ රචනයට ප්‍රියංකා ගේ කිසිදු සම්බන්ධයක් නැති බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.