ප්‍රවීන සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මෙරට නම රැන්දූ නිර්මාණකරුවෙක්.
ඔහු ගේ අධ්‍යක්ෂණයක් වන “වස්සානේ සඳ” මේ වනවිටත් රට පුරා ප්‍රදර්ශනය කෙරෙන අතර ඔහුගේ මීළඟ නිර්මාණ කර්තව්‍ය ලෙස සිනමාපට තුනක වැඩ කටයුතු ආරම්භ කරන්නට සුදානම් වන බව අපිට අසන්නට ලැබුණා.
ඔහු මිට පෙර අති සාර්ථකත්වයක් අත් කරගත් චිත්‍රපට තුනක් වන බහු භූතයෝ චිත්‍රපටයේ තුන්වැනි කොටස, ගිනිඅවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ දෙවන කොටස සහ කොස්තාපල් පුඤ්ඤසෝම සිනමාපටයේ දෙවැනි කොටස මෙසේ නිර්මාණය කිරීමට නියමිතයි.
එසේම මේ වන විටත් ඒවායේ තිර පිටපත් ලියා අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.