SLMTI ආයතනය ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණය, සිනමා කලාව, වැඩසටහන් නිෂ්පාදනය ආදී විෂයන් සන්ධහා විද්‍යාර්ථින් බිහි කරන ප්රමුඛ පෙලේ ආයතන වලින් එකක්. එම ආයතනය මගින් මාසික සිනමා සංවාද මණ්ඩපයක් සංවිධාන කෙරෙනවා. SLMTI World cinema festival ලෙස මේ වැඩසටහන නම් කොට තිබෙනවා.
ජුනි මස 16 වැනිදා සවස 5.30ට මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි. SLMTI ශ්‍රවණාගාරයේදී මෙම සිනමා දැක්ම පැවැත්වෙනවා. Anand Gandhi අධ්‍යක්ෂණය කළ Ship of theseus චිත්‍රපටය මෙවර තිරගත කිරීමට නියමිත බව සඳහන්.
16 සවස 5.30 සිට චිත්‍රපට දර්ශනය පැවැත්වීමෙන් අනතුරුව සිනමා සංවාදය පැවැත්වෙනවා. චිත්‍රපටයේ හඳුන්වාදීම සහ සංවාද මණ්ඩපය මෙහෙයවීම ධනුෂ්ක ගුණතිලකගෙන්. සිනමා සංවාද මණ්ඩපයට මෙවරත් එක්වන ලෙස සිනමාලෝලි රසිකයින් වෙත SLMTI ආරාධනා කර සිටිනවා.
2013 ඉන්දියාවේ නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටයේ රචනය සහ අධ්‍යක්ෂණය ආනන්ද් ගාන්ධි විසින්. අනන්‍යතාව, යුක්තිය සාධාරණය, අර්ථාන්විත බව, ජීවිතය, මරණය වැනි සංකල්ප පිළිබඳව සාකච්චාවට ගෙනෙන චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වා තිබෙනවා. ගවේෂණාත්මක චායාරුප ශිල්පිනියක්, රෝගාතුර හිමිනමක් සහ කොටස් තැරැව්කරුවෙක් වටා මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. චිත්‍රපටය 2012 ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ප්‍රථම දැක්ම පවත්වා තිබෙනවා. එහිදී දෙස් විදෙස් විචාරකයින්ගේ සුබවාදී විචාරයන් චිත්‍රපටයට ලැබී තිබෙනවා. සිනමා විචාරක Derek Malcom මෙම චිත්‍රපටය “Life changing film” ලෙස හඳුන්වාදී තිබුනා. 61 වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත්ව තිබුනා. Aida Al-Khashef, Neeraj Kabi, සහ Sohum Shah චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා.