පුරා මාසයක් ආරක්ෂා කළ උපවාස ශීලය නිමා කරමින් ලොව පුරා මුස්ලිම් බැතිමත්හු අද (15) රාමසාන් දිනය සමරති.
උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් පසුව නව සඳ දැකීමෙන් අනතුරුව උදාවන දිනයේදී රාමසාන් දිනය මෙලෙස සැමරෙයි.
ලෝකවාසී ඉස්ලාම් බැතිමත්හු මෙම දිනය සමානාත්මතාවේ දිනය ලෙසද හඳුන්වති, සහජීවනය, පරිත්‍යාගය හා ආත්ම දමනය මෙම කාලසීමාවේ කැපී පෙනෙන ගුණාංග වේ.
ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් මෙම දිනය සැමරෙයි. රාමසාන් සමයේදී දිළිඳුන්ට උපකාර කරමින්, අල්ලා දෙවියන්ගේ මගඵ පෙන්වීම අනුව උපවාසයේ හා යාඥාවේ නිරත වීම ඉස්ලාම් බැතිමතුන්ගේ සිරිතයි.
ගයාත්‍රි ගීගනආරච්චි