ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් දෙවැනි වරටත් සංවිධාන කරනු ලැබූ “2018 රජත පුස්තක” සම්මාන උළලේ විශිෂ්ටතම කාව්‍ය කෘතියට හිමි සම්මානය ළහිරු කිතලගම ගේ “කවුළු ඇස පාමුල” ග්රන්ථයට හිම්වී තිබේ.
එසේම විශිෂ්ට කෙටිකතාව ලෙස සුමුදු නිරාගී සෙනවිරත්න ගේ “ගිහින් එන්න කානිවල්” සහ විශිෂ්ටතම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස පියසිරි මාතරගේ රචිත “හිඹුටුදෙණිය කඳු පා මුලින්” යන කෘතීන් සම්මානයට පත්‍ර වී ඇත.
සම්මාන ප්‍රධානෝත්සවය අද (15) පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණි.
සිංහල කෙටිකතා, කාව්‍ය ග්රන්ථ සහ යොවුන් සාහිත්‍ය කෘති යන අංශ වලින් අවසන් වටය සඳහා නිර්දේශ වී තිබුණු කෘතීන් මෙසේ වේ,
යොවුන් කතා කෘති
බහිරවගලේ නිධානය - චතුරි දමයන්ති - ගොඩගේ ප්‍රකාශන.
කොළ කල්ලිය - බුවනෙක වන්නිඅච්චි.
රත්තරං පුතෙක් - සුමනසිරි පන්නිලහෙට්ටි - ගොඩගේ ප්‍රකාශකයෝ.
හිඹුටුදෙනිය කදුපාමුලින් - පියසිරි මාතරගේ- ගොඩගේ ප්‍රකාශකයෝ.
කෙටිකතා කෘති
අළු පැහැති ආරංචි - ලියනගේ අමරකීර්ති - සුරස ප්‍රකාශන.
ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගී සෙනෙවිරත්න - ගොඩගේ ප්‍රකාශන.
මල්බෙරි සමය - සුනන්දා ප්‍රේමසිරි - සූරිය ප්‍රකාශන.
සුනෙත් කාන්තගේ ශෝකාන්තය - සුදර්ශන සමරවීර - අහස මීඩියා.
කාව්‍ය කෘති
ගිරි මුදුන මගේ නිවහන - සුනිල් විජේසිරිවර්ධන - විදර්ශන ප්‍රකාශකයෝ.
තවමත් මල් - ආරියවංශ රණවීර - අහස මීඩියා.
වස්සානයෙන් පසුව - රත්න ශ්‍රී විජේසිංහ - සන්ථව ප්‍රකාශන.
කවුලු ඇස පාමුල - ළහිරු කිතලගම - සන්ථව ප්‍රකාශන.