මත්පැන් පානය කරන, ඉතා රළු වචන කතා කරන කාන්තාවන් සිව් දෙනෙකු අතර පවතින බැඳීම විදහාපාන බොලිවුඩ් සිනමාපටයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.
එය ඡුනි 1 දා තිරගත කර ඇත.Veere Di Wedding' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ පදනම් වෙන්නේ දිල්ලි නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ධනවත් පළාතක් පිළිබඳවය. පාසල් සමයේ සිට මිතුරියන්ව සිටි වැඩිහිටි ස්වාධීන කාන්තාවන් සිව් දෙනෙකු වටා මෙම කතා පුවත ගොඩ නැගී තිබේ. ඉන් එක් අයෙකුගේ විවාහ උත්සවයක් හා බැඳුණු සිද්ධි දාමයක් මෙම චිත්‍රපටයේ තේමාව වී තිබේ. ඉන්දියාවේ පවතින නොයෙකුත් සාමාජයීය ප්‍රශ්න අතර යෝජිත විවාහයන්ට ඇති අකමැත්ත, සිරුරේ බර පිළිබඳ ප්‍රශ්න, මිතුරන් සහ ඥාතීන් විසින් පුද්ගලයන් විනිශ්චය කිරීම, අධික මුදලක් වැය කරමින් සංවිධානය කරන මංගල උත්සව සහ සිය දෙමව්පියන්ගේ මෙන්ම ස්වාමිපුරුෂයන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ලබා ගැනීම වැනි කරුණු සිනමාපටයේ දැක්වේ.
මෙම කාන්තාවන් සිව් දෙනා නිදහසේ අසභ්‍ය වචන භාවිත කරමින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා ගැන විවෘතව කතා කිරීම ඉන්දියානු සිනමාවට නව අත්දැකීමකි. ලිංගික ආශාවන් සපුරා ගැනීම පිළිබඳ බිය සැක නොමැතිව කතා කරන ඔවුන් සිය ධනය ගැන තැකීමක් නොකරන බව ද එහි පිළිබිඹු කෙරේ. එහි එක් චරිතයක් රඟපාන ස්වාරා බාස්කර් (Swara Bhaskar) ස්වයං වින්දනයේ යෙදෙන දර්ශනයක් ඇතැමුන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.එක් පුද්ගලයෙකු පැවසුවේ මෙම චිත්‍රපටය නැරඹීමට ඔහුගේ මිත්තණිය සමග ගොස් "ඉතා අපහසුතාවට" පත් වූ බවය. ඉන්දියානු දේශපාලනඥයෙකු සහ හිටපු මහ ඇමතිවරයෙකු වන ඕමාර් අබ්දුල්ලාට සිය උපහාසාත්මක අදහස් සඟවා ගැනීමට අපහසු වී ඇති සෙයක් මෙම ට්විටර් පණිවිඩයෙන් හැඟී යයි. ස්වාරා බාස්කර් පණ පොවන චරිතය එක්තරා අවස්ථාවක දී සයනයේ හිඳ "තනියම පියාඹනවා" දුටු ස්වාමිපුරුෂයා ඇයගෙන් වෙන් වීමට තීරණය කරයි. ස්වාමිපුරුෂයාට "බාගෙට වංචා" කළ බව ඇය තම මිතුරියන්ට පවසනීය.Veere Di Wedding සිනමාපටය බොලිවුඩ් සිනමාවේ මහත් කැළඹීමක් නිර්මාණය කිරීමට සමත්ව ඇත. මෙම සිනමාපටයෙන් ඉන්දියානු කාන්තාවන් පිළිබඳ ඇතැම් මිථ්‍යා මතවාද බිඳ දැමීමට සමත් වී ඇති අතර, එයට ලැබෙන අති මහත් ප්‍රතිචාරයත් සමග එය සාර්ථක නිර්මාණයක් බවට පත් වී තිබේ.