අනුප් වේගාගේ සිතුවම් ප්‍රදර්ශනයක් වන ‘චංචලතා‘ පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ හිදී පසුගිය 31 වනදා ආරම්භ වූ අතර
එය එළඹෙන 27 වැනිදා දක්වා දිනපතා උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට නියමිතය. ඔහුගේ නිර්මාණ දැකබලා ගැනීමට මෙන්ම ඒවා මිලදී ගැනීමට ද මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.
ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අනුප් මුල්කාලයේදී එළවළු හා පළතුරු ආදිය යොදාගනිමින් කැටයම් නිර්මාණකරණයේ යෙදුණේය. ඉන්පසුව, හෝටල් හා සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ වන ඔහු මෙරට මෙන්ම විදේශයන් හි ද රැකියාවේ නිරත වී ඇත.
මේ අපූරු නිර්මාණකරුවා අධ්‍යාපනය ගැන පවසන්නේ, ‘‘සත්වයින් විදියට අපිට ඉගෙනගන්න කියා කිසිවක්ම නැහැ. සත්තු දිහා බලන්න. ඒ හැම සතෙක්ම පරිපූර්ණයි. හැම සතෙකුටම පීනන්න පුළුවන්. සමහර සත්වයින් දුර්වල වෙන්න පුළුවන්. තවත් සත්වයින් ශාරීරිකව ශක්තිමත් වෙන්න පුළුවන්. නමුත්, ඒ හැම සතෙක්ම සාමාන්‍යයි. මේ ලෝකය තුළ ඔවුන්ට කළ හැකි හැමදේම සිදුකරන්නට හැකියි. ඒ නිසා අලුතින් ඉගෙනගැනීමේ වුවමනාවක් නැහැ. මේ නිසා අධ්‍යාපනය ගැන මං කිසිවිටෙක විශ්වාස කරන්නේ නැහැ. මොකද අධ්‍යාපනය හරිම අසාමාන්‍ය දෙයක්‘‘ යන්නයි.
ඕෂෝගේ ඉගැන්වීම් හරහා සිය දිවියට ආලෝකයක් එක්කරගන්නා අනුප් ඒ ගැන සිහිපත් කරන්නේ ‘‘ඕෂෝගේ ඉගැන්වීම් අතිශය නවීන වගේම විද්යාත්මකයි. මේවා කිසිවිටෙකත් ආගමට සම්බන්ධ වී නැහැ. ඔහු යේසුස්වහන්සේ මෙන්ම සොක්රටීස් වැනිම වූ අතිවිශිෂ්ට කවියෙක්.‘‘ බවයි.
(ඡායාරූප හා පුවත ජූනි 10 වැනිදා සන්ඩේ ටයිම්ස් හි පළවූ ලිපිය ඇසුරිනි)
වින්ද්‍යා ගම්ලත්