පිට පිට නිකුත් කළ ගීත ඇල්බම් දෙකකින් ජනප්රියත්වයට පත් වූ ඇමරිකා එක්සත් ජනපද රැප් ගායක ත්රිබල් එක්ස් ටෙන්ටේෂන්(XXXTentacion) මහ මගදී වෙඩි තබා මරා දමා තිබේ.
ඉකුත් සඳුදා දින දකුණු ෆ්ලොරිඩා ප්රදේශයේදී අයුධ සන්නද්ධ පුද්ගලයෙක් විසින් ඔහු මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය ප්රකාශ කර ඇත.
ත්රිබල් එක්ස් ටෙන්ටේෂන් ලෙස හඳුන්වන ජසේ ඔන්ෆ්රෝයි නම් මෙම ගායකයා රෝහල වෙත ගෙන ගිය පසු මියගිය බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
මියයන විට ඔහු 20 හැවිරිදි වියේ පසුවිය.
වඩාත් මතබේදයට තුඩුදුන් රැප් ගායකයෙක් ලෙස නම් දැරූ ත්රිබල් එක්ස් ටෙන්ටේෂන් ගෘහස්ථ හිංසන චෝදනා ලද පුද්ගලයෙකි.