මෙරට සංගීත ක්ෂේත්රයට ඉමහත් සේවයක් කල ප්රවීන ගායක අයිවෝ ඩෙනිස් ශුරීන්ගේ අවසන් කටයුතු අද දින (20) සිදු කිරීමට නියමිතය.
ඒ අනුව අද පස්වරුවේ සීදුව ශාන්ත මරියා දේවස්ථානයේ පවත්වන දේව මෙහෙයෙන් පසු පස්වරු 3 ට සීදුව රෝමානු කතෝලික සුසාන භුමියේ දී අවසන් කටයුතු සිදු කරනු ඇත.
මියයන විට 86 හැවිරිදි වියේ පසු වූ අයිවෝ ඩෙනිස් සංගීතවේදියාණන් මෙරට සංගීත ක්ෂේත්රයට සදා අනුස්මරණිය සේවයක් කළ අතර ඔහුගේ ඒ සේවය වෙනුවෙන් අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදය මඟින් උපහාර තිළිණද 1995දී උන්ඩා ගුවන් විදුලි සම්මානයද, බීබීසී ගුවන් විදුලියේ සිංහල අංශයේ ලංකා උදානය වැඩසටහනට දස වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ සම්මානයක්ද, 2004දී ලක්හඬ ගුවන් විදුලියෙන් සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.