මෙරට පෞද්ගලික අංශය සතුව තිබූ චිත්‍රපට බෙදාහැරීමේ බලය මින් ඉදිරියට ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගැනීමට පියවර ගෙන ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න ඊයේ (19) අනාවරණ කළේය.
ඒ විශේෂ මාධ්‍යහමුවක් පවත්වමින්.
දේශිය චිත්‍රපට බෙදා හැරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව සතුව පැවති බලය 2001 වසරේදී එවකට පැවති රජය විසින් ජාතික චිත්‍රපට සංස්ථාවේ රිත්මා මණ්ඩලයට සහ පෞද්ගලික අංශයේ බෙදා හැරීම් මණ්ඩල 04ක් වෙත පවරා දෙනු ලැබීය.
කෙසේ නමුත් එම පවරා දීම මඟින් ගැටලු රැසක් මතුව ඇති බවට සිනමා කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන් ජනාධිපතිවරයාගෙන් සහ විෂය භාර අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් පත්කල විද්වත් කමිටුවක නිර්දේශ මත මින් ඉදිරියට චිත්‍රපට බෙදා හැරීමේ බලය යළිත් ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීමට තීරණය කර තිබේ.