මෙරට නව පරපුරේ ඉතාමත් ජනප්රිය, දක්ෂ ගායිකාවක් ලෙස උමාරියා සිංහවංශ හඳුන්වන්න පුළුවන්.
ඇය ගැන වාර්තා වන අලුත් ආරංචියක් ගැනයි අපි දැන් කියන්න සුදානම් වෙන්නේ.
ඒ උමාරියා විවාහ ගිවිසගෙන කියන සුබ පුවත.
මුදු පැළඳි ඡායාරුපයක් සිය ඉන්ස්ටග්රෑම් සමාජ ජාල පිටුවෙහි පළ කරමින් “ආදරය කොතනද ජීවිතය එතැන” “අලුත් ආරම්භයක්” යනුවෙන් සටහනක් ද තැබීමට ඇය අමතක කර තිබුනේ නැහැ.
උමාරියාගේ සොහොයුරිය උමාරා ද මේ සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කර තිබෙණු අපට දක්නට ලැබුනා.
“මම හැමවෙලේම බලාපොරොත්තුවෙන් සිටි පොඩි සහෝදරයෙක් ලබා දීම ගැන ස්තුතියි” කියලා තමයි ඇය එහිදී අදහස් දක්වා තිබුනේ.
උමාරියාගේ අතගත් ආදරණියයා කලා පවුලකට සම්බන්ධ කෙනෙක් බව ද වාර්තා වනවා.