1939 මාර්තු මස 15 දින මොරටුවේ උපන් විජේරත්න මියුරී මොරටුව හෝලි රෝසරි කාතෝලික විද්‍යාලයෙන් සහ කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සිය අධයාපන කටයුතු හැදෑරීය.ජයන්ත අල්ගමගෙන් උඩරට සහ පහත රට නර්ථනය හැදෑරිය. අනතරුව ඇය සුදර්ශී ආයතනයේ ගුරුවරියක් ලෙසද කටයුතු කළේ එහි විවිධ තනතුරු හොබවමිනි.
පාසල් යන කකාලයේදීම ඇයට සිය ගමන් සගයා වූ පියල් සමරසිංහ මුණගැසීමෙන් වයස 17 දී විවාහ වී දියණියන් තිදෙනෙකු හා පුතෙකුගේ මවක් බවට පත්වන විට ඇය 24 හැවිරිදි විය.පියල් සැමියා මිය ගියේ ඇයට වයස 36 දීය .
රත්න වැලිකලගේ අලුත් දවසක් නාට්‍යයෙන් සිය ප්‍රථම වේදිකා රංගනය ඉදිරිපත් කළ මියුරී සමරසිංහ මෙරට වේදිකාවේත් සිනමාවේත් පුංචි තිරයේත් බොහෝ නිර්මාණ වලට දායක විය.
රන්කඳ, උමතුසන් වරුසාව, බම්මන්නෝ, උරුවිසි, හිත හොඳ අම්මණ්ඩි, නැට්ටුක්කාරියෝ ඇතුළු වේදිකා නාට්‍ය 300 කට අධික ප්‍රමාණයක් ඇය රගපා ඇති අතර ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය 10ක් පමණ වේ.
ඇය හොඳම රංගනය උදෙසා ජනාධිපති සම්මානයට පාත්රවූ රංගන වේදිනියකි.ඇය විසින් රචිත නාට්‍ය සඳහා ද ඇය සම්මානයට පාත්රවිය.
1969 දී සිනමාවට ප්රවිශ්ටවන ඇය ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණ වලට දායකවිය.යහළු යෙහෙළි, බව දුක, බව කර්ම, මඩොල්දූව, එයා දැන් ලොකු ළමයෙක්, අනුපමා, නුවන් රේණු ,යස ඉසුරු, වදුල ,යුගාන්තය, කෙළිමඩල, යුවතිපති, මාරුතය, අන්තිමරැය, පත්තිනි ඇතලු චිත්‍රපට 50කට ආසන්න ප්‍රමාණයකට ඇය රංගනයෙන් දායක විය.එමෙන්ම ඇය රූපවාහිනී නාට්‍ය විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත.
මියුරී සමරසිංහ රංගනවේදිනිය පසු කළෙක පිලිකා රෝගයට ගෙඳුර වීමත් සමග කලා කටයුතුවලින් ඉවත්ව එම රෝගය සමග සටන් කරනු ලැබ මෙසේ ජීවිතයෙන් සමුගෙන ඇත.
මිරර්ආර්ට්ස් ඇගේ අභාවය පිළිබඳ මෙසේ කනගාටුව ප්‍රකාශ කරන්නෙමු.!!