ජනප්‍රිය කෘතහස්ත රංගවේදී මානවහිතවාදී කලාකරු ජයලාල් රෝහණ සහෘද කලාකරුවා හෘදයාභාධයකින් අභාවප්‍රාප්තව ඇත.පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියද සමාජ විද්‍යාව දර්ශණය සහ නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිදරයෙක් වූ ජයලාල් රෝහණ මොරටුව විශ්වවිිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් ලෙසද සේවය කළේය
.'සබේ විලක්කුව' ලංකාවේ සිංහල භාෂාවෙන් ලියැවණු රංගාලෝක ශිල්පය පිළිබඳ ප්‍රථම අත්පොතද 'සැබෑ මුහුණ සහ වෙස්' මුහුණ සිංහල භාෂාවෙන් ලියැවුණ අංග රචනය පිළිබඳ පළමු අත්පොතද රචනා කළේ ජයලාල් රෝහණය.
අප්රමාණික සමාජ දැණුම සහ ජීවිත දැණුමද තිබූ ජයලාල් රචකයෙකු නාට්‍ය රචකයෙකු ,අධ්‍යක්ෂවරයෙකු, ප්‍රතිභාපූර්ණ රංගධරයෙකු, වේෂ නිරූපණ ශිල්පියෙකු, ගුරුවරයෙකු, දේශකවරයෙකු, මානවහිතවාදී සහෘදයකු වූ ජයලාල් රෝහණ අප සහෘද කලාකරුවා හදිසි හෘදයාභාධායකින් මීට සුූථ මොහොතකට පෙර නිවසේදීම අභාවප්‍රාප්තව ඇත.
'ලෝකා' වේදිකා නාට්‍ය රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ඔහු 1987නාට්‍ය උළෙලේ සම්මාන රැසක් දිනාගන්නට සමත්විය.
'තවත් අපට සටන් එපා' 1983,'දෙදාස් එකට ගියෝ' 1984 'අවලංගු කාසි දෙකක්' 1988 'බිංදුව' 1990 'මෝලා' 2002ජයලාල් රෝහණ විසින් රචනා කොට නිර්මාණය කරන ලද කෙටි නාට්‍ය කිහිපයකි.මීට අමතරව ජයලාල් වේදිකා නාට්‍ය රැසකට සිය රංගනයෙන් දායක වී ඇත.
රූපවාහිනියේ 'ඉසුරුයෝගයේ' රගපෑමෙන් ජන ආකරශණය දිනාගත් ජයලාල් සුමති සම්මාන රාජ්‍ය සම්මාන මෙන්ම තවත් සම්මාන රැුසක් දිනාගත් කෘතහස්ත රංග ධරයෙක් විය.
ජයලාල් රෝහණ දුම්රිය අනතුරකින් පෙර කලක මරණයෙන් දිවි ගලවා ගත්තද මෙවර ඔහුට යන්නට සිදුවී ඇත.
ජයලාල් රෝහණ නික්ම ගියද ඔහු විසින් ඉතිරිකොට තබා ඇති දේ බොහෝය.
මිරර්ආර්ට්ස් සිය සාතිශය ශෝකය මෙසේ ප්‍රකාශ කරන්නෙමු.!!!