lan englan tam

පුවත්

රනිල්ට විතරයි රට හදන්න පුළුවන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් අතුරින් රට හැදීමේ නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් පවතින්නේ වත්මන් ජනාධිපති සතුව පමණක් යැයි 'යුනයිටඩ් යූත්' සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ රංගන ශිල්පි අර්ජුන කමලනාත් පැවසී ය.

හෙතෙම එලෙස පැවසුවේ පසුගියදා වවුනියා ප්‍රදේශයේ වැලිඔය පැවති කාන්තා හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන කමලනාත්...

‘‘අද අපි ඉන්නේ ඉතාමත් තිරණාත්මක මොහොතක, ඒ, ඔබේ අනාගතයත්, මගේ අනාගතයත්, රටේ අනාගතයත් තීරණය කළ යුතු ඉතාම වැදගත් අවස්ථාවක. ඔබ ඒ ඉතිහාසගතවන තීන්දුව ගන්න අවසන් දවස ලබන සැප්තැම්බර් විසි එක්වනදා. ඔබ ඒ ගනු ලබන තීරණයෙන් රටට, ඔබට අයහපතක් නම් සිදුවන්නේ, නැවත් පෝලිම් යුගයකට නම් යන්න ලැහැස්ති වෙන්නේ, ඔබ නැවතත් රෑ වැටුණු වළට, දවල් වැටීමට නම් තීරණය කරන්නේ, එය අප සැමගේම කර්මය තමයි. නමුත් එකක් මතක තියා ගන්න, ඊට පස්සේ ඔබව බේරගන්න රනිල් වික්‍රමසිංහ කෙනෙක් නම් පේනතෙක් මානයකවත් නැහැ. ඒක නම් අමතක කර ගන්න එපා.   අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ අර්ථිකය කඩා වැටීම. ඒක ඉස්සෙල්ලාම බලපාන්නේ කුස්සියටයි, කක්කුසියටයි. කුස්සිය හිස් වුනාම කන්න දෙයක් නැතුව බඩ හිස් වෙනවා. බඩ හිස් වුනහම කක්කුස්සියත් හිස් වෙනවා. මොන පෝලිම් හැදුනත්, කක්කුස්සි පෝලිම විතරක් නැති වෙනවා.
කල්පනා කරලා බලන්න, මේ ජන්ද ඉල්ලන නායකයින්ගෙන් කාටද රටේ ආර්ථිකය හදන්න දැක්මක්, වැඩ පිළිවෙළක්, කළපුරුද්දක්, පළපුරුද්දක් තියෙන්නේ කියලා. මට නම් හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒක නිසා ගියපාර වගේ අපි දීලා බලන්න ගියොත් අපට ඉතින් අබ සරණයි තමයි. ඒක නිසා ඔබ තවත් රැවෙටන්න එපා. ඔබට තවත් වරක් අත්හදා බැලීම් කරන්න  කරල බලන්න පුඵවන් තැනක නෙමෙයි රට තියෙන්නේ. මේගොල්ලන්ටත් දීල බලමු කියලා හිතන්න යන්න එපා. එහෙම වුනොත් වෙන්නේ ඔබට හෙටක් නැතිවෙන විතරයි. සමහර අය කැමතියි ඔබට හෙටක් නැති වෙනවට; ඒ මේ රට විනාශ කරපු කට්ටියට. හැත්තෑ එකේ දි රට විනාශ කරලා තරුණයන් නොමග යවලා, ඒ වටිනා ජීවිත දසදහස් ගනණක් නැති කරා. නැවතත් අසූ අට - අසූ නමයෙ ඒ විදියටම ලොකු විනාශයක් කරා. මේ රට විනාශ කරේ කොටි සංවිධානයයි, ජනතා විමුක්ති පෙරමුණයි කියන එක කවදාවත් අමතක කරන්න එපා. එදා උන් මේ රට කරපු විනාශ නැත්නම්, අද ඇත්තටම ලංකාව සිංගප්පූරුවටත් වඩා දියුණුයි. මුන් තමයි මේ රටට කරන්න පුඵවන් ලොකුම විනාශය, ශාපය කරේ.
ඇත්තට ම මේ රට විනාස කරේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද වෛරක්කාර ජේ.වී.පී දේශපාලනය කියලා මට තේරෙන්නේ නෑ. මොනවා වුනත් මට එක දෙයක් පැහැදිලියි. ඔබේ ගමේ වෛරක්කාරයෙක්, කුහකයෙක්, ඊරිසියාකාරයෙක් ඉන්නවා නම් ඒකා ජෙප්පෙක්. ඉතින් මේ වෛරක්කාර කුහක  ජෙප්පන්ට අවශ්‍ය රට  විනාශ කරන්න. ඔබ සතුටින් ඉන්නව දකින්න ජෙප්පෝ  ආසනැහැ. ඒක නිසාම බොරු රැලි මවලා පෙන්නලා  ඔබව  මානසිකව විකෘති කරලා බය කරන්න උත්සාහ කරාවි. ඒක නිසා ඒවටනම් ඔබ රැවෙටන්න එපා. මේ රට විනාශ කරන්ඩ ඔබ දායක වෙන්න එපා. ඔබ රතු තොප්පිකාරයින්ට තවත් රැවටෙන්න එපා. ලංකාවේ වැඩිම සල්ලි තියෙන්නේ ජේ.වි.පි. එකට. මේ ඉස්සර අපේ බැංකු කඩලා මංකොල්ල කාපු සල්ලි. ඒවා අමතක කරන්න එපා.
අද රටම බය වෙලා ඉන්නේ මේ මාලිමාවේ භීෂණය නිසා. සමහර අය මාලිමාව ආවොත් රට යනවා කියලා පාස්පෝට් ගන්න පොරකනවා. ව්‍යපාරිකයෝ, ධනවතුන් මධ්‍යම පාන්තිකයෝ සේරම අද බය වෙලා ඉන්නේ. තවත් විශාල පිරිසක් නිහඩ වෙලා බලාගෙන ඉන්නවා කරකියා ගන්න දෙයක් නැතුව. කිසි දේකට භය වෙන්න එපා. විසි එක්වෙනිදාට නිහඩව ඔබ ඔබේ යුතුකම රට වෙනුවෙන් නිහඩව ඉටු කරන්න. බොරු පොරොන්දු දේශපානයට තවත් රැවටෙන්න එපා. අපි ප්‍රථිපත්ති දේශපාලනයට යොමුවෙමු.  එහෙනම් මේ පාර ඔබ හරි තොප්පියක් දාගන්න. ඒ තොප්පියට පාටක් රැල්ලක් නැහැ. ඒ තොප්පිය තමයි අපේ බුද්ධිය. ඒ බුද්ධිමත් තීරණය බුද්ධිමත්ව  ගන්න කියලා මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.’’

මෙම මාධ්‍ය හමුව සඳහා යුනයිටඩ් යූත් සන්විධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, මෙහෙයුම් අධ්‍යක්ෂ ඩොනල්ඩ් පෙරේරා සහ භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා ඇතුඵ පිරිසක් සහභාගි වුහ.

 

Back to top
Go to bottom

Popular News