lan englan tam

පුවත්

ට්‍රෙන්ඩින් #01 වුණ සනාගේ ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සනාගේ 'සඳක් වෙලා' සිංදුව ට්‍රෙන්ඩිං වන් වෙලා. ඒක ට්‍රෙන්ඩිං කළේ සනා අයිති වෙන ටික්ටොක් ජෙනරේෂන් එක නෙවෙයි, සනාලයෙ ටික්ටොක් බලන අපේ ජෙනරේෂන් එකෙන් දුන්නු අසීමිත හෙල්ප් එකක් එක්ක කියලයි මං හිතන්නේ. මොකද සනාගේ සිංදුව ඇතුළේ තනිකරම තියෙන්නේ අපෙන් ගිලිහිලා ගිය, අපිට දැන් නොස්ටැල්ජික් වෙලා තියෙන, අපිට මතක අපේ ජෙනරේෂන් එකේ නාදේ. අපි චාට් ෂෝවලට එස් එම් එස් ගහලා ගහලා උඩට උඩට උඩටම ගේන්න හදපු අපේ නාදේ.

පොඩි බට්න් ෆෝන්වලට හෙඩ්සෙට් ගහගෙන වයි එෆ් එම් ටියුන් කරගෙන අහපු අපේ නාදේ. අනිත් සංගීත සාජ්ජ කරන හැමෝම බනිද්දී සිරසේ නාරදලා තනූජාලා රස රිසි ගී එකෙන්, සමිරලා ලුක්ස් ලයික් එකෙන් පෙන්නපු අපේ නාදේ. හෙන අමාරුවෙන් එළකිරි ඩොට් කොම් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන, නැත්තං තියෙන එකෙක්ගෙන් සීඩී එකකට බ'න් කරගෙන, එහෙමත් නැත්තං අපේ ෆෝන්වලට පැය භාගයක් විතර බ්ලූටූත් ඉන්ෆ්‍රාරෙඩ් හරහා දාගත්ත අපේ නාදේ. පොකට් මනී එකතු කරලා රෙකෝඩ් බාර්වලට ගිහින් දීලා හෙන ආදරෙන් පරිස්සමෙන් අරන් ආව එම් එන්ටටේන්මන්ට් කැසට්වල සීඩීවල තිබුණු අපේ නාදේ. අම්මලා අප්පච්චිලාගෙන් බැනුං අහ අහ, ඒ බැනුම්, කන්වලින් පහළට අපේ මොළයට පපුවට ඇවිත් විනාස කරන්න නොදී පපුව මැද්දේ හංගං පරිස්සම් කරපු අපේ නාදේ. මේ නොස්ටැල්ජියාව ලස්සනට ඇඩ්‍රස් කරන්න සනාගේ සිංදුවට පුළුවන් වෙලා තියෙනවා. ඒක ඇහුණම අපේ ජෙන් එක ඇල'ට් වුණේ හරියට නිකං තන්ඩකැට්ස් ලෝගෝ එක අහසේ ඇඳුණම ටයිග්‍රා, චිටාරා, පැන්ත්‍රෝ ඇතුළු තන්ඩකැට්ස්ලා කොහේ හිටියත් ඇස් දෙක දල්වගෙන අහස දිහා බලනවා වගේ.
සනාගේ සිංදුවේ ඇහෙන්නේ ටීෂාගේ 'රන් වන් රන් මාල පළඳා', සුරේනිගේ 'ආදරෙයි නං එන්න මා වෙත', ඉරාජ්/සංගීත් 'රන් රන් රන්', ඉරාජ්/රනිඳු 'අහංකාර නගරේ', අශාන්තිගේ 'ආලවන්තියක්' වගේ සිංදු සෙට් එකක ඉන්ස්පිරේෂන් එකක්. මිලේනියම් එකත් එක්ක ඉරාජ් අරන් ආව බන්ග්‍රා ප්ලස් ලංකන් වයිබ් එකේ අස්සෙන් ඇහිච්ච "හඩිප්පා" කෑලි ටිකත් අස්සෙන් ඔබාගත්තා නං සනාගේ සිංදුවට චෙරි ඔන් ටොප් ලස්සනක් එකතු වෙනවා.
සනා ව මට සජෙස්ට් වෙන්නේ මීට මාස එකහමාරකට දෙකකට විතර කලින් කව'ස් කරන ආටිස්ට් කෙනෙක් විදිහට. ඒවා දැක්කහමත් සනාගේ තියන සෙලබල් ගුණය පේන්න තිබුණා. ඒ නිසාම මට හිතුණා මේ කෙල්ල ඉස්සරහට ඒවි කියලා. ඒ ගමන දැන් එයා පටන් අරන් තියෙනවා. පළවෙනි සිංගල් එක මේ වෙද්දී වන් මිලියන් විව්ස් පහු කරලා තියෙනවා. ඉස්සරහ කොහොම වෙතත් ස්ටාට් එක වැඩ කරලා තියෙනවා. මෑත කාලයේ සෝෂල් මීඩියා අස්සේ ෆේමස් වුණු ස්ටේජ් නගින සුකිරිබටිල්ලන් තුන්දෙනා මැද්දට සිව්වැන්නෙක් විදිහට සනාට එන්න පුළුවන් බව පේනවා. ඒ ආදිත්‍යා, හනා සහ අශාන්‍යා අස්සට. ඒක හරියට නිකං අනුර, සජිත්, රනිල් අස්සට නාමලුත් රිංගුවා වගේ.
මං මේ තරුණ සුහුඹුල් සුන්දර ගායිකාවන්ට නමක් දෙන්න කැමතියි. ස්ටේජ් එකේ සිංදු කියන සුකිරිබටිල්ලන් විදිහට මේ ෆීමේල් සිඟස්'ලා මං දකිනවා. මේක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙවෙයි. ලංකාවේ අතීතයේත්, ලෝකයේත් මියුසික් ඉන්ඩස්ට්‍රිය දුවන්න, කොන්ස'ට්ස් දුවන්න මේ සුකිරිබටිල්ලෝ ඕන. සුකිරිබටිල්ලන් කැටගරීස් දෙකක් තියෙනවා. එකක් එන්නේ සෙක්ස් අපීල් එකක් එක්ක. අනික එන්නේ මැරේජ් මෙටීරියල් එකක් විදිහට. මිලේනියල්ස්ලා විදිහට අපි ලංකාවේ මේ කැටගරි දෙකම දැක්කා. ටීෂා, සුරේනි ද මෙල්, ජින්ජ' වයිට් අයිති වෙන්නේ පළවෙනි කැටගරියට. ඒ අය එන්නේ සෙක්ස් අපීල් එකක් එක්ක. අඳින පළඳින විදිහ, ස්ටේජ් පෆෝමන්ස්, සිංදුවේ සද්දේ, ලිරික්ස්, මේ හැම එකකින්ම ඒ සෙක්ස් අපීල් එක ඉස්මතු වෙන විදිහටයි ඒ අයගේ ඇක්ට් එක හැදෙන්නේ. එතකොට ඒකෙම අනිත් අන්තය, මැරේජ් මෙටීරියල් ගායිකාවෝ විදිහට ශෂිකා නිසංසලා, සුභානි හර්ෂනීලා අපි දැක්කා. ඒ අය අරන් එන්නේ ඇඳුමින් පැළඳුමින් සංවර, ගමනින් ශාන්ත, කතාබහින් හරි අහිංසක ඉමේජ් එකක්. අලුත් ජෙන් එකේ මේ වෙනකොට හනා, අශාන්‍යා, ආදිත්‍යා සෙක්ස් අපීල් එකකින් ස්ටේජ් එකට ගොඩ වෙද්දී කාංචනා අනුරාධි මැරේජ් මෙටීරියල් එකක් විදිහට ස්ටේජ් එකට ඇවිදන් එනවා. හනාට දෙන මලත් කාංචනාට දෙන මලත් මල් දෙකක් වෙන්නේ ෆිසිකලි විතරක් නෙවෙයි, දෙනකොට දෙන ෆීලිං එක නිසාත් ඒ මල් දෙක දෙකක්. දෙවිදිහක්.
ඉස්සරත් ලංකාවේ එහෙමයි. කොරීන් අල්මේදා, මරියසෙල්, ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ට'ස් ලා ඇතුළු අපේ සීනිය' සිඟ'ස්ලාත් ඒ කාලේ හැටියට ගෙනාවේ මේ සෙක්ස් අපීල් හෝ මැරේජ් මෙටීරියල් ඇඩ්‍රස් කිරීම. ඒ දෙවිදිහෙන්ම අපි ඒ ෆීමේල් සිඟ'ස්ලාට හිතින් ආදරේ කරන්න ගන්නවා. තමන්ගේ කරගන්න බලනවා. තමන්ගේ වෙනවා නං කියලා හිතෙනවා. ගිටා ගහන කොල්ලෙක්ව දැක්කම ඕන කෙල්ලෙක්ට හිත යනවා වගේ තමයි, ලස්සනට සිං කරන, ඩාන්ස් කරන කෙල්ලෙක්ව දැක්කම කොල්ලන්ටත් හිත යනවා.
ලෝකයේ මියුසික් ඉන්ඩස්ට්‍රිය ගත්තහමත් මේක මේ විදිහට දැකගන්න පුළුවන්. මැඩෝනා වගේ කෙනෙක් එන්නේ සෙක්ස් අපීල් එකක් අරගෙන. ඒත් අපි නිකං අඩෙල් වගේ කෙනෙක් ගත්තොත්, සෙලීන් ඩියෝන් වගේ කෙනෙක් ගත්තොත්, එතන සෙක්ස් අපීල් එක නෙවෙයි, ඊට එහා ගිය ආදරයක් අපිට අඩෙල් ගැන, සෙලීන් සියෝන් ගැන දැනෙන්න ගන්නවා. ඒ අතරේ බ්‍රිට්නි ස්පිය’ස් කියන්නේ ස්පෙෂල් කේස් එකක්. බ්‍රිට්නි එන්නේ මැරේජ් මෙටීරියල් කෙල්ලෙක් විදිහට, ඒත් පස්සේ එයා සෙක්ස් අපීල් එකට බරවෙලා එහෙම්පිටින්ම ඉමේජ් එක කැත කරගන්නවා. මිනිස්සු හරි ආදරෙන් බදාගත්ත බ්‍රිට්නි වෙනස් වෙද්දී ඒ මිනිස්සු බ්‍රිට්නිගෙන් ඈත් වෙලා වෙනස් ෆෑන්බේස් එකක් බ්‍රිට්නිට ළං වෙනවා. ඒක මිනිස්සුන්ගේ අප්‍රසාදය වැඩියෙන් ලැබුණු චේන්ජ් එකක්. මේ හැම විදිහකින්ම වාසිය වුණේ ඉන්ඩස්ට්‍රියේ පැවැත්මට. හොඳම එග්සාම්පල් එක ටේල ස්විෆ්ට්, ඒ වෙනම කේස් ස්ටඩි එකක්. අද වෙද්දී ටේල ස්විෆ්ට් කියන්නේ සෙලෙබ්‍රිටි කෙනෙක් විතරක් නෙවෙයි, එතනින් එහාට ගිහින් ඇමෙරිකාවට විදේශ විනිමය අදින දැවැන්ත යාන්ත්‍රණයක්.
ඇලෙක්සැන්ඩ්‍රා ස්ටෑන් ලංකාවට ආවම, ක්‍රවුඩ් එක ඉස්සරහ නැවෙන්න ස්ටේජ් එකේ ගැට්ටටම ආවම, ඇලෙක්සැන්ඩ්‍රාගේ තයි එකට කොල්ලෙක් අත තියලා අල්ලන ෆොටෝ එකක් ඉස්සර වයිරල් වුණා. එතනින් එන්නේ සෙක්ස් අපීල් එක. ෂ්‍රෙයා ගෝෂාල් ලංකාවට ආවා. මම ඇතුළුව සුගතදාස එකට ආව හැමෝම වශී වෙලා එයා දිහා බලන් හිටියා. එයාගේ සිංදු එන්ජෝයි කළා. ෂ්‍රෙයා මැරේජ් මෙටීරියල් ගායිකාවක්.
සමහර වෙලාවට මේ ස්ටේජ් එකේ සුකිරිබටිල්ලන් ගැන හැදෙන ලව් එක එක්ස්ට්‍රීම් යන වෙලාවල් තියෙනවා. ඒ නිසයි හනා ස්ටේජ් එක උඩ සිංදු කියනකොට ස්ටේජ් එක යට කොල්ලෙක් මාස්ටබේට් කරන වීඩියෝ එන්නේ. ඒ නිසයි අශාන්‍යා එක්ක කරන ඉන්ටවිව් එකකදී නිවේදකයා හූ මිටි තියන්න "හ්ම්ම්" ගාන එක අපිට අශාන්‍යාට වාතයක් යනවා ඇහුණා කියලා හිතින් හිතාගෙන ෂෙයා කරන්නේ. ලෝකේ කොහෙත් ගායිකාවන් ගැන, ඒ අය ස්ටේජ් එකේ නටද්දී ඇඳුම් එහා මෙහා වෙන විදිහ ගැන, නිපල් ස්ලිප් වෙන වීඩියෝ, ෆොටෝ ගැන මිනිස්සු හරි උනන්දුයි. ඒ එක්ස්ට්‍රීම් යෑම නිසා ඇති වෙන රීච් එක එක්ස්පෙක්ට් කරගෙනම ඒ දේවල් සිද්ධ වෙනවා වෙන්නත් පුළුවන්. ඒක ඒ ඒ සුකිරිබටිල්ලන්ගේ කැමැත්ත අකමැත්ත මත සිද්ධ වෙන දෙයක්. හෙළුව මාකට් කිරීම වගේ යෙදුමක් ඒකට දැම්මට, තමන්ගේ මාකට් එක වැඩි කරගන්න හෙළුවෙන් පුෂ් එකක් එනවා නං ඒකට යන්න ෂෝ බිස්නස් එක අස්සේ තහනමක් නෑ.
මේ මොහොතේ කතාබහ වෙන සුකිරින්බටිල්ලන් කිහිපදෙනෙක් ෆේමස් වුණේ මිලේනියල් ඊරා එකේ සිංදු කියලා. යොහානි ඉස්සෙල්ලම හිට් වුණේ පෙටා ඉෆෙක්ට් කව’ එකෙන්. හනා ඉස්සෙල්ලම වොයිස් එකෙන් හිට් වෙලා, පස්සේ සංදේෂ් කරපු වීඩියෝ එකක් එක්ක සරිගම ලා කරපු කව’ මෙඩ්ලි එකෙන් තව ෆේමස් වුණා. අශාන්‍යා හිට් වුණේ වොයිස් එකේ දී අශාන්තිගේ ‘හන්තානේ’ සිංදුව බැට්ල් රවුන්ඩ් එකකදී කියලා. ආදිත්‍යා නං මිලේනියල් සිංදුවක් නොකිව්වට ස්ටේජ් ප්‍රසන්ස් එකෙන් ඇල්ලුවා. මේ වෙලාවේ අලුතින් පිපීගෙන එන, වොයිස් ටීන්ස් එකේ ලංකන් අඩෙල් වගේ තැනක ප්ලේස් වුණු ඇමේලියා එක පාර ට්‍රෙන්ඩ් වෙන්න ගත්තේ ඇවටා බෑන්ඩ් එකෙන් කරපු මෙඩ්ලියක චන්ද්රලේඛා ගේ ‘තරු එළියේ’ සිංදුව ෂෙයා වෙන්න ගැනීමත් එක්ක.
කොහොමින් කොහොම හරි, ලංකාවේ ෂෝ බිස්නස් එක, මියුසික් ඉන්ඩස්ට්‍රිය, අලුත් ජෙන් එක ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින් ඉන්නවා. ඒක ඉතාම පොසිටිව් ප්‍රවණතාවක්. ඒ ජෙන් එක ඇතුළේ මේ සුකිරිබටිල්ලන් ලොකු ඉඩක් ගන්නවා. ඉන්ඩස්ට්‍රිය දුවවන්න ඒ අය මේ වෙලාවේ දෙන දායකත්වය සුළුපටු නෑ. ලස්සන කෙල්ලෝ ගොඩක් ස්ටේජ් එකට ඇවිත්, ලස්සන සිංදු ගොඩක් කරලා ඉන්ඩස්ට්‍රිය ලස්සන කරන්න පටන් ගැනීම ගැන ඉතාම සතුටින් බලන් ඉන්නවා.

ෂෙනාල් ගුණසේකර 

Back to top
Go to bottom

Popular News