lan englan tam

පුවත්

ඩීමන්ගේ පොත තාත්තා ගිනි තියනව කිව්වා - ජයසංඛ කරුණාරත්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටෙලිකොම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන ජයසංඛ කරුණාරත්න මහතා මෙරට සාහිත්‍යකරණයේ සදා උපහාරයට ලක් විය යුතු ඩීමන් ආනන්දයන් පිළිබඳව සඳහන් කෘතියක් 'ඩීමන් ආනන්ද යළි කියවමු' නමින් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීය.

ඒ පිළිබඳව ඔහු 'සරසය' සිනමා අතිරේකය සමග අදහස් බෙදාගෙන තිබූ අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ තමන් පළමු වරට ඩීමන් ආනන්දගේ පොතක් නිවසට ගිය විට සිය පියා විසින් එය ගිනි තියන බව කී අවස්ථාවේදී ඩීමන් ආනන්ද යනු කවුදැයි සෙවීමට තමන් උනන්දු වූ බවය.

"ඩීමන් ආනන්ද පොත් 1015ක් රචනා කරපු පුද්ගලයෙක්. ඔහු අප අතරින් වියෝ වූණේ 2007 පෙබරවාරි 15 වැනිදා ඔහු ජීවත්වෙලා ඉන්න කාලයෙත් ඔහු මිය ගියාට පස්සෙවත් ඔහු ගැන මෙතෙක් කාලෙකට අනුස්මරණයක් සිද්ධ වුණේම නෑ. ඩීමන් ආන්නද කියන චරිතය මට හම්බවෙන්නේ මගේ පාසල් අවධියේදී 1995 මාතර රාහුල විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලේ තමයි මම ඔහුගේ පොතක් කියවන්නේ. ඒ පොත කියෙව්වාට පස්සේ මට ඩීමන් ආනන්දගේ සාහිත්‍ය ගැන ලොකු ආශාවක් ඇතිවුණා. මම ඩීමන් ආනන්ද කියන්නේ කවුද කියල හොයන්න පටන් ගත්තා. ඒත් මට ඔහුගේ පොත පත ගැන ඔහු ගැන වැඩි විස්තරයක් හොයාගන්න අපහසු වුණා. ඒත් මගේ උත්සාහය අතහැරියේ නෑ. ඔය අතරේ 1996 දී ඩීමන් ආනන්දගේ දෙවන පුනරාගමනය සිද්ධ වෙනවා. එතුමාගේ පොත් හතරක් නිල්වලා ප්‍රකාශන ලෙස එළි දකිනවා. ඩ්‍රැකියුලාගේ මනාලියෝ, ජේම්ස් බණ්ඩා, බදුල්ල එක්ස්ප්‍රස්, ජල්තර හොල්මන නමින් අන්න එතනදී ආයෙත් මේ ඩීමන් ආනන්ද නාමය අපිට මුණ ගැහෙනවා. ඔය අතරේ මම ඩීමන් ආනන්දගේ ඔය පොත් වලින් ඔහු පදිංචි ලිපිනය සොයා ගන්නවා. වැල්ලම්පිටියේ එතුමාගේ ලිපිනයට ලියුම් ලියල එහි තිබුණ දුරකථන අංකයට කතා කරල මම ඔහු සමඟ මිත්‍රකමක් හදාගන්නවා. ඔය අතරේ එතුමා හමුවන්නත් මම යනවා මට ඔහු මුණගැහෙන කොටත් මම පාසල් ශිෂ්‍යයෙක්. මට මතක හැටියට 2000 වසරේදී විතර. එතුමාගේ පොතක් මම මුලින්ම ගෙදර අරන් ගිය වෙලාවේ මට තාත්තාගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක් නොවෙයි මට තාත්තා කෙළින්ම කිව්වා මේ පොත් ගේන්න එපා ගෙනාවොත් ගිනි තියනවා කියලා හැබැයි මම තාත්තා කිව්ව දේ පිළිගන්න ගියේ නෑ මම ඇයි මේ ලේඛකයාගේ පොත්වල මෙහෙම කියන්නේ කියල හොයල බලන්න පටන් ගත්තා. පසුකාලීනව මට තේරුණා එතුමාට මේ එල්ල වුණු දේවල් ඇතුළේ තිබුණේ පදනමක් නැති චෝදනා කියලා."
ඔහු චන්දන දයාසිරිවර්ධන සමග් සංවාදයේදී පවසයි. සම්පූර්ණ සංවාදය පහත සබැඳියෙන් කියවිය හැකිය.

 

ඡායා : නිශ්ශංක විජේරත්න

Sarasawiya

Back to top
Go to bottom

Popular News