මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ලියන ලද ග්රන්ථ 12ක් ඒ මහතාගේ බිරිඳගේ අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හා විකිණීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ටිරාන් ගුණරත්න අද (31) උපුල් ශාන්ත සන්නස්ගල හා සංහිඳ ප්‍රකාශන ආයතනයට වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම, ගොනු කළ නඩුවක් සලකා බැලූ මහාධිකරණය එම නියෝගය නිකුත් කරඇත.
ලබන අප්‍රේල් 07 වන දා වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් නියෝගයක් හා නොතිසි නිකුත් කරන්නැයි ද අධිකරණය නියෝග කර තිබෙනවා.