ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලත් තරුණ සිනමා අධ්යක්ෂ විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ ගිනි අරන්’ (Dark in the White Light) රීගල් ඇතුළු සිනමා ශාලා කිහිපයක තිරගත වෙමින් තිබු නමුත් මේවන විට චිත්‍රපටය රීගල් සිනමා ශාලාවෙන් ඉවත්කර ඇතැයි මිරර් ආට්ස් වෙත වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මිරර් ආට්ස් කළ විමසුමකදී එම චිත්‍රපටයේ අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර ප්‍රකාශකර සිටියේ තමාට ඒ සම්බන්ධයෙන් කිසිඳු දැනුම්දීමක් සිදු නොකල බවයි.
එහිදි ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා සිටියේය.
‘සිමිත ප්‍රදර්ශණයක් සදහා සුළග ගිනි අරන් චිත්‍රපටය සාර්ථකව ප්‍රදර්ශනය වුවත් අද සිට හදිස්සියේ කිසිදු දැනුම් දිමකින් තොරව ඊගල් සිනමා ශලාව සදාචාරත්මක හේතු මත චිත්‍රපටයේ සියලු දර්ශන ප්‍රදර්ශනය කිරිම රීගල් සිනමා ශලාව විසින් අත්හිටුවා තිබෙනවා.
නිෂ්පාදන කණ්ඩායමකට හෝ වෙනත් කිසිවෙකුටවත් නොදන්වා සදාචාරත්මක හේතු මතයැයි කියා චිත්‍රපටය අත්හිටුවා තියෙනවා කියලා දැන ගන්න ලැබිලා තියෙනවා
යම් විදියක අදහසක් ගත්තොත් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ඊගල් සිනමා ශලාවෙි පෙන්විමට මැලිකමක් දක්වනවා සහ ඒ නිසා චිත්රපයට ගැලෙව්වා කියලා තමා කට කතා වලින් දැනගන්න ලැබිලා තියෙන්නේ.
ඊට අමතරව නිළ වශයෙන් කිසිදු දැනුම් දිමක් කර නැති නිසා ඒ පිළිබද අදහස් කියන්න අමාරුයි. යැයි විමුක්ති ජයසුන්දර පවසා සිටියේය.
මේ සම්බන්දයෙන් අප රීගල් සිනමා ශාලාවෙන් මේ පිළිබඳ කළ විමසීමකදි එහි ප්‍රකාශකයකු පවසා සිටියේ මේ වන විට ‘සුළඟ ගිනි අරන්’ චිත්‍රපටය රීගල් සිනමා ශාලාවෙන් ඉවත්කර ඇති බවයි.