රටේ ජාතික සමගිය සහ සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
2017 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය.
එමෙන්ම සිනමා කර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ පවතින සෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සදහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වෙනු ඇතැයි ද තම විශ්වාසය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.