හෙළ ගී අඹරේ ජ්‍යෙෂ්ඨතම ගායිකාවකවූ විවියන් ද සිල්වා බොරලැස්ස සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වි ඇත.
දේහය 162/15 සමනළ මාවත, තලාහේන ලිපිනයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර ඇත.
මිය යන විට ඇය 88 වන වියේ පසුවුනා.
ටවර් හෝල් යුගයෙන් ඇරැඹුණු මේ රටේ ජාතික ආගමික ප්‍රබෝධයත් සමගම බිහිවූ සිංහල ගායක පරපුරේ අමතක නොවන ගීත කෝකිලාවක් ලෙසට විවියන්ද සිල්වා බොරලැස් මහත්මිය හදුන්වාදිය හැකිය.
බොදු බැති ගී විශාල ප්‍රමාණයක් ගායනා කළ විවියන්ද සිල්වා බොරලැස්ස ගැයූ ගී අතරින් ආලෝකය මේ යෑයි පවසන දිනයයි. සම්බුදු මංගල්ලේ, නවතින්න තිස්ස, ඇයි මේ, මා සංඝබෝධි සාමිණී, සැරදේ ශ්‍රී කන්ද කුමාර, නිදියහනෙ, ඇයිද ශෝක සිතින්, කුමුදු කුමාරී, නංගී නංගී රූපිකා, ගම්මානේ, ශාන්ත වූ ඒ ගම්බද ලලනී, වැනි අතිශයින්ම ඇගේ ජනප්‍රිය ගීත කිහිපයකි.
ඡායාරූපය : දයාන් විතාරණ