lan englan tam

පුවත්

සන්ජීව් ලොන්ලියෙස්ගේ අලුත්ම 'අමු සින්දුව'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යථාවාදී, විකල්ප සංගීත නියෝජනයක් ලෙස බොහෝ දෙනෙකු හඳුන්වන ගායන ශිල්පී සන්ජීව් ලොන්ලියෙස්ගේ අලුත්ම ගීතය 'තොත්තුව' මීට දින කිහිපයකට ඉහතදී එළිදැක්විණි.

ගීතයේ පද, තනු, සංගීතය සියල්ල සන්ජීව් ලොන්ලියෙස් විසින් නිර්මාණය කරනු ලැබ තිබේ. 
 
තොත්තුව | අමු සින්දුව 
රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ් ////
 
තොත්තුව දීලා කන්ඩ කොත්තු ගේනවා
අද රෑ ඩිනර් එකත් නැගලම යනවා
හිඳෙනවා හිඳෙනකොටත් සතේටම ඔයා
තියෙනා දාට අපිත් හඳ අල්ලනවා...
 
තනියම පාරෙ යද්දී හීන මැවෙනවා
හදවත අපිත් එක්ක කතාකරනවා
ඈතට වෙලා ඉන්ඩ එපා හැන්ගිලා
ෆන් එකෙ ඉමුකො සල්ලි බල්ලට දාලා
 
 
ඹෙන්z ඹ්MW ගන්ඩ හිතෙනවා 
අරගෙන ලෝකෙ වටේ යන්ඩ හිතෙනවා
ලොකු ලොකු හීන අතර හිත කැරකෙනවා
තියෙනා චැලිය අපිට හුඟක් වටිනවා...
 
පාගලා යන්ඩ හැටට කෙල්ල එක්කලා
එක එක වන්ඩි පාරෙ යද්දී හිතෙනවා
බස් එකෙ පිටිපස්සෙම මුල්ලකට වෙලා
එයා එක්ක යද්දී මචන් සැපකනේ තමා
 
පිටරට සුද්දාවගේ බ්ලේසර් දාලා
ටයි එක බැඳලා බ්‍රෑන්ඩ් ඇඳුම් අඳිනවා
ශොටයි බාටා දෙකයි ඇතුලෙ හැංගිලා
ගන්නා සැප නෑ ඒ බ්‍රෑන්ඩ් එක්කලා
 
ලොකු ලොකු හෝටල් වල බුෆේ දානවා
එනමුඳු අම්මගෙ බත් කට රස වෙනවා
කොහෙහරි අපිට නින්ද ගියත් වැඩිවෙලා
ගෙදර ඇඳේ මචන් අමුතු සැපක් තියෙනවා
Back to top
Go to bottom

Popular News