lan englan tam

පුවත්

හොඳම අධ්‍යක්ෂණයට ජගත් යළි නම් වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජගත් මනුවර්ණ කොඩිතුවක්කු සිය කුළුඳුල් නාට්‍ය නිර්මාණය වන 'කොඩිගහ යට' නාට්‍යයේ හොඳම අධ්‍යක්ෂණය සඳහා 'රයිගම් ටෙලීස් 2024' සම්මාන උළෙලේ යළි නම් වී තිබේ.

ජගත් හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් මේ වසරේ පැවැත්වුණු සුමති ටෙලි සම්මාන උළෙලේද සම්මාන දිනාගත් අධ්‍යක්ෂවරයා විය.
ජගත් සමග මෙවර හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් නම් නිර්දේශ වී ඇති අනෙකුත් අධ්‍යක්ෂවරුන් දෙදෙනා වන්නේ එයා දැන් බැඳලා නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි සහ ජීවිතයේ එක් දවසක් නාට්‍යයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායක වේ.
මෙම ටෙලිනාට්‍ය තුනම ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නාට්‍ය වීමද මෙම අවස්ථාවේ විශේෂත්වයකි.

Back to top
Go to bottom

Popular News