lan englan tam

පුවත්

සෂිකා 09 වැනි වතාවට ජනප්‍රියම ගායිකාව වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෂිකා නිසංසලා මෙවර ස්ලිම් කාන්ටර් ජනතා සම්මාන උළෙලේ 2024 ජනප්‍රියම ගායිකාව ලෙස 09 වැනි වරටත් පිදුම් ලැබුවාය.

ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයට වරින් වර විවිධ ගායිකාවන් එක් වුවද මෙම සම්මානය 09 වැනි වරටත් සෂිකා විසින් දිනාගනු ලැබීම සුවිශේෂී අවස්ථාවකි.
කලින් කලට විවිධ රසවත් ගීත රසිකයින්ට දායාද කළ සෂිකා 'පාරමිතා නොපුරමු', 'කඳුළු හෙළා නෑඹිලියට' ගීත තුළින් ජනතාවගේ හදවත් තුළ එදා පටන් අද දක්වා රැඳී සිටීම ශ්‍රී ලාංකික ගායිකාවකට ලැබෙන ඉහළම අවස්ථාව වේ.

Back to top
Go to bottom

Popular News