ලංකාවෙ ටෙලි විෂන් ආයතනවල රියැලිටි වැඩ සටහන් අතර ඩාන්සින් රියැලටි වැඩ සටහන් ආරම්භක යුගයෙන් පසු ඒකාධිකාරයක් ලෙස ගොඩ නැගී තිබූ ඩාන්සින් choreograph ආධිපත්‍ය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙන්නට පටන් ගත්තේ මෙම රියැලිටි නර්ථන තරග අතරට නවක නර්ථන නිර්මාපකයන්ගේ ආගමනයත් සමගය.
ළහිරු රෝෂණ යනු 'සිටි ඔෆ් ඩාන්ස්' තරගයෙන් සිය දක්ෂතා පෙන්වා ජයග්රහන රැුසක් හිමිකරගත් නව පරපුරේ තරුණ නර්ථන ආචාර්ය වරයෙකි.
තරුණයකුට තරගකාරී නර්ථන වෙළඳපොල තුළ යම් ස්ථාවරයක් ගොඩ නගා ගැනීම යනු පහසු කටයුත්තක් නොවේ. ඒ තුළ ඇත්තේ අතිශය තරගකාරී වටපිටාවකි. දක්ෂයන්ට වඩා සමාජ සම්බන්ධතා ජාලයන් ගොඩ නගා ගැනීම තුළින් බොහෝ අය නර්ථන ගුරුවරුව සිටිති. කෙසේවුවත් ළහිරු සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නර්ථනය පිලිබඳ හදාරා මේ වනවිට එහිම බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස සේවය කරයි. මිරර් ආර්ට්ස් ඔහු සමග කළ සාකච්චජාවයි මේ.
ළහිරු ඔයාව අපිට හඳුන්වා දෙන්න.
ළහිරු කියන්නේ අනිත් අයට වඩා වෙනස්, හුගත් දුක්විඳපු කෙනෙක්.ආර්ථික ප්‍රශ්න පවුල් පසුබිම නිසා මම පීඩාවට පත්වූ වාර අනන්තයි. පවුල් පසුබිම කියන එකෙන් මා අදහස් කළේ දෙමව්පියන් වඩා හොඳ අධ්‍යාපනයක් නොලබා තිබීමයි. තාත්තා අද දවස ගැන විතරක් හිතපු කෙනෙක්. ඉතින් මේ නිසා අපිට බොහෝ දේවල් අහිමි වන්නට ඇති. අපි දුක් වින්දා ආර්ථික ප්‍රශ්න එක්ක.ඇත්තටම අම්මාගේ උනන්දුව නොතිබෙන්නට නංගිත් මමත් මල්ලිත් අද මේ තත්ත්වය දක්වා එන්නට නොහැකි වන්නට තිබුනා.නංගි කැළණිය විශ්වවිද්‍යාලයේ බිස්නස් මැනේජ්මන්ට් කරනවා. මල්ලි සමස්ථ ලංකා පාසල් ජිම්නාස්ටික් ශූරයෙක්.
ළහිරු ට නටන්න පුළුවන් කියලා කොොමද දැනගත්තෙ?
පුංචි කාලෙ අම්මා තමයි මගේ නර්ථන හැකියාව අඳුනගන තියෙන්නේ.ඒ නිසාම මාව නර්ථන පන්තියකට දාලා කැළනියෙ පන්සලේ තිබුන.ඒ 1999 දි. ඒ කාලෙ විවිධ නර්ථන අංග වලට මාව අම්මා යොමුකරලා තියෙනවා. ඊට පස්සේ මම තරගවලින් දිනලා තියෙනවා.දැන් අද වෙනකොට නටන්න පටන් අරන් අවුරුදු 15ක් විතර වෙනවා.
ඔබ කුමන නර්ථන ශිල්පියෙක්ද?
මෙහෙමයි මම උඩරට පරතෙරට හදාරලා නැහැ.නමුත් මට සම්ප්‍රදායික නැට්ටුවෙක් එක්ක හැප්පෙන්න තරම් උඩරට නටන්න මට පුළුවන්. ඒවෙග්ම මම හිපොප් පරතෙරට ඉගෙන ගෙන නැහැ. නමුත් හිපොප් නර්ථන වේදියෙක් එක්ක හැප්පෙන්න නටන්න මට පුළුවන්. ඒ වගේ ඔිනෙම නර්ථන ශිල්පයක පරතෙර දන්න කෙනෙක් සමග හැප්පෙන්න නටන්න මට පුළුවන්. මම නිදහස් නර්ථන වේදියෙක්. මම හැම නර්ථන විධික්රමයක්ම හදාරලා තියෙනවා. ඉන්දියාවෙන් අපිට විශ්වවිද්‍යාලයෙදි ගුරුවරියක් ආව 'ඔඩිසි' සම්ප්රදාය උගන්වන්න. දවස් තුනක් අපිට ඒ සඳහා කාලය තිබුනා. අවසානෙ ඒ ගුරුවරිය මට කිව්වෙ ඔබ ඉන්දියාවේ සිටින මගේ ගෝලයා තරම කියලා. මටඅනෙක් බොහෝ සම්ප්‍රදායන්. ග්‍රහණය කරගැනීමට ශක්තිය තිබුනා හැදෑරීම් කරලා තිබුන නිසා
නර්ථන ජීවිතයේ පාසල් කාලයේ ඔබේ මතක මොනවද?
ඇත්තටම මම අපොස සා.පෙළ කරන කාලෙ ඉඳලා අද මේ වර්ථමනාය දක්වා නටලා හරි හම්බ කරපු මුදල් වලින් තමයි මම මගේ අධයාපන කටයුතු වගේම පෞද්ගලික ජීවිතයේ අවශ්‍යතා සඳහා ආර්ථිකය සකස් කරගත්තේ.මම ඒ ගැන හුගත් සතුටුවෙනවා. මේ ලැබී ඇති නිසර්ග කුශලතාව මට ආර්ථික දුෂ්කරතා යම් මට්ටමකින් සහනයක් ලබා දෙන්නට උපකාරීවෙලා තියෙනවා.ඒ වගේම මට මතකයි අපි තරග ජයග්‍රහණ වලින් පසු රූපවාහිනී වැඩ සටහන්වලට යද්දි මාව වැඩ සටහන් වලට සම්බන්ධ කරගන්නේ නැහැ. සමහර වෙලාවට ජයග්‍රාහකයා පැත්තක අනිත් අය නටනවා. ඒ මම කලුයි කියලා. ඒ කාලෙ ටෙලිවිෂන් වැඩ සටහන් වලදි කලු නර්ථන ශිල්පීන්ට අවස්ථාවක් ආධුනික මට්ටමේදී තිබුනෙ නැහැ. මට දුක හිතුන අවස්ථා තිබුනා. ඒත් මොනවා කරන්නද?2009 දි 'සිටි ඔෆ් ඩාන්ස්' වැඩ සටහනින් පසුව තමයි මගේ දක්ෂතාව මගේ ගුරුවරු පවා නිසි අයුරින් අඳුන ගෙන මට තැනක් ලැබෙන්න පටන් ගත්තෙ.
අද වෙනකොටත් මේ සුදු කළු ප්රශ්නය තියෙනවද ළහිරු?
නර්ථන ශිල්පීන්ට මේ තත්ත්වය යම් තරමකට බලපානවා. මම සම්පූර්ණයෙන්ම මේ තත්ත්වය බැහැර වෙලා කියලා කියන්නේ නැහැ. සෘජුව පිළිතුරක් දුන්නොත් ඔව් තාම තියෙනවා කියලා කියනවා.මේ සුදු කලු ප්රශ්නය නර්ථන ශිල්පීන්ට විතරක් නෙමේ කැමරාවක් ඉදිරියට පැමිණ වෘත්තීය කටයුතු වල යෙදෙනෙ සියලුම අයට මේක පොදු ප්‍රශ්නයක්. ඒ වගේම අද සමාජය ගත්තහම අපි දන්නවා නලු නිළියන් මෙන්ම සාමාන්‍ය තරුණ අයත් පුරුෂ ගැහැනු කියලා බේධයකින් කොරව විවිධ එන්නත් සහ දේවල් බාවිතා කරනවා සුදු වෙන්න. අපේ සමාජයේ සුදු අයට ඉල්ලුම වැඩියි.
වර්ථමාන නර්ථන ශිල්පීන් ගැන ළහිරුගෙ අදහස මොකක්ද?
ඇත්තටම අපේ කාලෙ ට වඩා අද කාලෙ තරුණ තරුණියො වෙනස්. ඒ අය අද නර්ථනය හැදෑරීම හෝ නර්ථනයේ යෙදීම විනෝදාංශයක් විදිහට තමා ගන්නෙ. එහෙම නැතිනම් මුදල් ඉපැයීම සඳහාමයි මේ නර්ථන හදාරන්නෙ. නමුත් අපිට ඊට වඩා විශාල අරමුණක් තිබුනා. අපි දේශීය සම්ප්‍රදායික නර්ථන විදි හැදෑරුවා. ඒ වගේම බටහිර විවිධ නර්ථන ශෛලීන් හැදෑරුවා. මගේ විශ්වවිද්‍යාල අධයාපනයෙදි මා වඩාත් උවමනාවෙන් හැදෑරීම් කළේ බැලේ නර්ථන ය. ඒ වගේම සම්ප්‍රදායික නර්ථනය හැදෑරුවා. අපි දුක් විඳලා ආව ගමන්ක් තිබුන නිසා තමා අද අපි මේ තැන ඉන්නෙ.වර්තමානයේ නිසි හැදෑරීමකින් තොරව නටන්න පුළුවන් අය නටනවා.
නැට්ටුවෙක් සහ නර්ථන ශිල්පියෙක් අතර තියෙන වෙනස මොකද්ද?
මෙහෙමයි අපේ ශ්‍රී ලාංකික සම්ප්රදායක් තියෙනවනේ. මේ සම්ප්‍රදායික නර්ථනය ප්‍රාසාංගික කලාවට එකතුවෙනකොට වෙනස් වෙනස්වෙනවා.ශාන්ති කර්ම හෝ මඩු නටන නැට්ටුවෙක් ප්‍රාසාංගික වේදිකාවට එනකොට මඩුවෙ නටනවා වගේ නටන්න බැහැ.අපිට එතෙන්දි වෙනස් වෙන්න වෙනවා.අන්න එතනදි පර්ෆෝමර් කෙනෙක් සහ නැට්ටුවෙක් වෙනස් වෙනවා.වේදිකාවෙදි අපි අපේ ඉරියව් බාවිතා කරන විදිහ අත පය හසුරවන විදිහ නියමිත රේඛා හරහා ගමන් කරන විදිහ දැනගන්න ඔිනෙ. ඒ හරහා තමයි අපේ නර්ථනය පේ්රක්ෂකයාට නිසි ලෙස විඳින්න පුළුවන් වෙන්නෙ. නමුත් මඩුවකදි හෝ කංකාරියකදි එහෙම වෙන්නෙ නැහැ.
වර්තමාන නර්ථන ශිල්පියා ව ඔයා දකින්නෙ කොහොමද?
මම මුලින් කිව්වා වගේ වර්තමානයේ බහුතරයක් ෂෝ එකක නටලා සල්ලි අරන් ගෙදර යන අයග නර්ථනය ආර්ට් එකක් හැටියට බාරගන්න අය නෙමෙයි.
නර්ථන ශිල්පියෙකුට colifications තියෙන්න ඔිනෙද?
ඇත්තටම නර්ථන ශිල්පියෙකුට සුදුසුකම් තියෙන්න ඔිනෙ.තමන් කරන කුමන හෝ නර්ථන සම්ප්රදායක් පිළිබඳ තමන්ට නිසි හැදෑරීමක් තියෙන්න ඔිනෙ.මම කියන්නේ අපේ ක්ලැසිකල් බේස් එක විතරක් නෙමේ . හිපෝප් කරනවනම් ඒ ගැන හැදෑරීම දැණුම තියෙන්න ඔිනෙ. නමුත් අද ළමයින්ට එහෙම දැණුමක් නැහැ.මම උඩරට පහත රට සබරගමු යන සම්ප්‍රදායන් හදාරලා තියෙනවා. මොකද සම්ප්‍රදායෙන් ඔබ්බට යන්න නම් මේ සම්ප්රදාය අපි දැනගෙන හදාරලා තියෙන්න ඔිනෙ. සම්ප්රදාය ගැන දන්නෙ නැතිව කොහොමද අපි සම්ප්රදාය කඩන්නෙ.
වර්තමානයේ නැටුම් ගුරුන්නාන්සේලා නැහැ. වර්තමානය මේ සම්ප්‍රදායික නර්ථනය සේම නර්ථන ගුරුන්නාන්සේගේ භූමිකාවත් අතික්‍රමණය කරලා. ප්රාසාංගි නර්ථන ප්‍රවේශයෙන් සම්ප්‍රදායට හානියක් වෙලා තියෙනව ද?
හැම දෙනෙකේ අතින්ම හානියක් වෙනවා කියලා කියන්න බැහැ.නමුත් ප්‍රාසාංගික නර්ථන රටාවන් තුළින් සම්ප්‍රදායික නර්ථන කලාවට හානියක් සිදු නොවනවා කියන්නත් බැහැ. වර්තමානයේ ඩාන්සින් පන්ති කියලා කී දෙනෙක් කරනවාද? ඒ අය දැණුමෙන් සම්පූර්ණ අය නෙමෙයි. මේ අය අතින් නර්ථනය කියන කලාව විනාශ වෙනවා.නූතන ගුරුවරයා සහ සම්ප්‍රදායික ගුරුන්නාන්නෙ කෙනෙක් ගත්තහම අපේ ගුරුන්නාන්සෙලා නර්ථන සම්ප්රදාය පිළිබඳ ප්‍රායෝගික සහ ක්‍රමවේදයෙන් විශිෂ්ටයි.
මගුලට, මරණෙට යම් විවෘත කිරීම් වලටයි හැම තැනකදිම වෙස් නැට්ටුවන් පාවිච්චි කරනවා. මේ ගැන ඔබේ අදහස මොනද්ද?
ඇත්තටම මම විරුද්ධයි. වෙස් නැට්ටුවෙක් වෙන්න කොයිතරම් කාලයක් තුළ හැදෑරීම් කරන්න ඔිනෙද?එහෙම කැපකිරීම් කරලා මහන්සිවෙලා ඉගෙන ගෙන වෙස් බැන්ද නැට්ටුවෙක්ව නර්ථන කණ්ඩායමක් දේශපාලනඳයින් පිළිගන්නයි, වැසිකිළි පද්ධතියක් විවෘත කරන්නයි ගියාම තියෙන වටිනාකම මොකද්ද?
ටෙලිවිෂන් ආයතන තුළ තරගයට මෙන් පවත්වන නර්ථන රියැලිටි වැඩ සටහන් නිසා අලුතෙන් කළ එළි බැහැලා තියෙනවා ඩාන්සින් coreographersලා ඉස්සර අපිට එහෙම අය හිටියා සිනමාවට, වේදකාවට සහ යම් යම් අවස්ථාවලදි. නමුත් දැන් ටෙලිවිෂන් ඩාන්සින් රියැලිටි, ඉවෙන්ට් ඩාන්සින් coreographersලා ඉන්නවා.මේ පිළිබඳව ළහිරුගෙ අදහස මොකද්ද?
ඇත්තෙන්ම මේ coreographersලගෙන් කීපදෙනෙක් ම නර්ථන විෂයක් ලෙස හදාරපු අය තමයි ඉන්නෙ. නමුත් සමහර අය ඒ ආකාරයෙන් නර්ථනය පිළිබඳ විෂයක් විදිහට හදාරලා නැහැ.නමුත් අපේ නර්ථන විෂයෙදි ප්‍රායෝගික නර්ථනය පිලිබඳව ලබන අත්දැකීම් හරිම වැදගත්. ඇකඩමික් දැණුම අපට තියෙනවා උනත් නර්ථනයේදී ප්‍රායෝගික දැණුම හරිම වැදගත්. මෙතෙන්දි මේ ටෙලිවිෂන් හරහා ප්‍රමුඛතා ලැබී ඇති බොහෝ අයට මෙන්ම ඉවෙන්ට්ස් වළදි පුහුණු සහ නිර්මාණශීලි ව නර්ථයක් ගොඩ නගන්නෙකුට නර්ථන විෂය පිළිබඳ අධ්‍යාපනික ඥානයට එහා ගිය ප්‍රායෝගික ඥානයක් තියෙන්න ඔිනෙ.
නමුත් මම ඉන් අදහස් කරන්නෙ නැහැ නැටුම ඇගේ තිබුනට විතරක් හරි කියලා.මමත් මගේ දක්ෂතා එළි දැක්වූවේ රියැලිටි තරග හරහා. ඒ වගේම මට කොරියොග්රාෆ් කරන්න හම්බවෙන්නෙත් රියැලිටි වැඩ සටහන් නිසා.මේ ෂෝසල් ඩාන්ස් වඩාත් ව්‍යප්ත වෙන්න ගත්තේ ටෙලිවිෂන් වැඩ සටහන් හරහා. ඉන්පසු අපිට දකින්න පුළුවන් හැම මගුල් ගෙදරකටම අයිටම් එකක් හැටියට නැටුමක් තියෙනවා. ඒවා පවා කොරියොග්රාෆ් කරගන්නවා. මගුල් ගෙදරට කළින් මනමාලයයි මනමාලියි එනවා මේ නැටුම් ප්‍රැක්ටිස් කරන්න. මේ ව්‍යාප්තියට ප්‍රභල සාධකය වුනේ රියැලිටි නර්ථන වැඩ සටහන්. මේ වැඩ සටහන් තුළින් තේරෙන දක්ෂයින් පසු පරම්පරාවට තරගයට අවශ්‍ය නර්ථනයන් පුහුණු කරනවා. ඒ ප්‍රායෝගික අත්දැකීම් සහ ලෝකෙ වෙනත් නර්ථන තරග අධ්‍යනය කරමින්. උපාධියක් තිබුනත් මහාචාර්්‍යවරයෙක් වුනත් නර්ථනයෙන් අපිට ප්‍රායෝගික අත්දැකීම් හරිම වැදගත් නිර්මාණශීලීව ආකර්ශණීය නර්ථනාංගයක් ගොඩ නගන්න.
ළහිරු ඩාන්සින් coreographersලා බොහෝ දෙනෙක් ඉන්නවා. මේ අයට හැදෑරීමක් තියෙනවද සුදුසුකම් තියෙනවද ඒ සඳහා වූ අධ්‍යපනයක් තියෙනවද?
ඇත්තටම මේ වෙනකොට බොහෝ පිරිසක් ඉන්නවා. මේ හැම කෙනෙක්ම උපාධියක් හෝ ඊට අදාල නිසි ඇකඩමික් වටපිටාවක් නැති නිසග කුශලතා මතින් ඒවා වර්ධනය කරගත් අය සහ මූලික වශයෙන් දේශීය නර්ථන ශිල්පීන්ගෙන් නර්ථනය හැදෑරු අයත අධයාපනයක් උපාධියක් හැම කෙනෙකුටම නැහැ.නමුත් එක්ස්පීරියන්ස් එක හරිම වැදගත්. මම උපාධියක් ගත්තත් මම ඊට කළින් වේදිකාවල නටලා ලබාගත්ත දැණුම සහ අත්දැකීම් සියල්ල මට වැදගත්වුනා මගේ විභාග පාස් කරගන්න.නමුත් විශ්වවිද්‍යාලයේ ඉන්න බොහෝ අයට මේ අත්දැකීම නැහැ. අපේ කණ්ඩායමේ 350 විතර හිටියා. ඒකෙන් හුගක් අය ගුරුවරු බවට පත්වෙලා. ඒ අය කොරියෝග්රාෆ්්ස්ලා උනේ නැහැ. නමුත් අපි ට ඊට එහායින් ගිහින් යම් කරන්න හැකිවෙලා තියෙනවා.මම හිතන්නේ මේ රියැලිටි වැඩ සටහන් සඳහා නර්ථනයට දක්ෂ හුගක් තරුණ තරුණියන්ට අවස්ථාවක් ලැබුනා.මේ තුළින්ම පිරිසක් බිහිවුනා දක්ෂතා තියෙන මේ නර්ථන විෂයතුළ නිර්මාණශීලීව යමක් කියලා දෙන්න පුළුවන් අය.
පිරිමි නටන කොට සමාජය ඒක දකින්නෙ කොහොමද?
අතීතයේදී ගැහැනු රගපෑවෙවත් නැටුවෙවත් නැහැ.පිරිමි තමයි ගැහැනු වගේ ඇඳලා නැටුවෙ. නමුත් නර්ථනය ගැහැනුන්ට පමණක් කියලා නැහැ. සමාජය කොයි විදිහට බැලුවත් මොකද?සමහරු කියනවා පිරිමි නටනකොට ගැහැනු වගේ කියලා. නමුත් ගැහැනිය නටන විට ඇති ලාලිත්‍ය පිරිමි තුළ නැතිවුනත් පිරිමින් සඳහා වූ සුවුශේෂී පෞරෂයන් නර්ථන ක්‍රම තුළ තිබෙනවා. ඒ ජවය, ශක්තිය ,පෞරෂය කාන්තාවන් තුළින් විඳින්න බැහැ.අනිත් එක අතීතයේදී නර්ථනය එක්තරා කුලයකට සීමාවුනා. ශාන්ති කර්ම, කංකාරි ඇතුළු සම්ප්‍රදායික නර්ථනයන් හිමිව තිබුනේ ඒ ඒ පළාත්වල ඒ ඒ කුළවලට. ඒ හා බැඳුනු ආර්ථිකයකුත් තිබුනා. නමුත් චිත්‍රසේන වැනි දැවැන්තයින් නර්ථනය ප්‍රධාන ධාරාවන් තුළට ගෙන එනකොට යම් යම් සමාජ මතවාද වෙනස් වෙන්න පටන් ගත්තා. මේ හේතුවෙන් නර්ථනය විවිධ පැතිකඩවල් ඔස්සේ විිවධ පිරිස් ඔස්සේ සමාජ ගතවුනා. ගැහැනු අයත් නර්ථනයට ප්රවිශ්ටවුනා. පිරිමි ගැහැනුන්නට අඳින එක නැවැත්තුවා. අද පිරිමි පිරිමි විදිහට නටනවා. ගැහැනු ගැහැනු විදිහට නටනවා. සමාජ පිළිගැනීම ද ඒ සමගම වෙනස් වුනා.
ඔබේ බලාපොරොත්තුව මොකද්ද?
මට කාලෙන් කාලෙට විවිධ බලාපොරෙත්තු ඇතිවුනා. කලෙක තිබුනා මේ රටේ ප්‍රවීණ නර්ථන වේදීන් වගේ නමක් හදගන්න.දැන් මගේ අරමුණ ඊට වෙනස්. විශ්වවිද්‍යාල අධ්යෘපනයෙන් නර්ථන මහාචාර්යවරයෙක් වන්න මට හීනයක් තියෙනවා. ඒ වගේම අනාගත පරම්පරාවට මගේ දැණුම ප්‍රායෝගික දැණුම නිසි ආකාරයෙන් ලබාදෙන්නත් මම අපේක්ෂාවෙන් සිටිනවා.
මනෝහාරී හේවාවසම්
https://mirrorarts.lk/ar/chat/1734-dancing-choreography#sigProId3b13dc224b