lan englan tam

C Chatඑක

වාසල මගේ සැමියා වුණා නම් යන්න දෙනවා; TAKE CARE අසේනි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"සමාජය කියන්නේ අතරමං වුණ කැලයක්. කොළඹට ආවම ගතිගුණ පවා වෙනස් වෙනවා. මුළු ලංකාවම තියෙන්නේ කොළඹ ඇතුළේ. එක පැත්තක් අල්ලගන්නකොට මගේ පවුල මට අතහැරෙනවා. කර්මය, දෛවයට වඩා මම ජීවිතය විශ්වාස කරනවා. උදේ නැගිටිනකොට එන බලාපොරොත්තු රෑට අත්දැකීම් වෙනවා."

මෙසේ පවසන්නේ අනුෂ්ක රසාංජන ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ TAKE CARE ටෙලිනාට්‍යයේ අසේනිගේ භූමිකාවට පණ දුන් තැනැත්තියයි. චරිතාංග රංගන ශිල්පිනී රෙබෙකා දිල්රුක්ෂියි.
මෙවර සතියේ Mirror Arts යූටියුබ් සංවාදයට සහභාගි වෙමින් රෙබෙකා සිය ජීවිතය මෙන්ම කලා ජීවිතය පිළිබඳවද සිය ප්‍රේක්ෂකයාට හෙළි කරන්නීය.
"ජනප්‍රියත්වය තාවකාලිකයි. ජනප්‍රිය වුණාම මෙන්ටේන් කරන්න දේවල් ටිකක් තියෙනවා. කලාකරුවන් මේන්ටේන් කරන්න ගියාම නළුවා මැරෙනවා." ඇය එසේ පවසන්නේ ජනප්‍රියත්වය ලබා එහි තාවකාලික බව අත් විඳි අයකු ලෙසින් නොව මෑත කාලයේදී ජනප්‍රියත්වයේ අත්දැකීම් බෙහෙවින් අත් විඳිමින් සිටින චරිතාංග රංගන ශිල්පිනියකය යන අවබෝධයෙනි.
සිය කාර්යබහුල වටපිටාව අතර Mirror Arts සංවාදයට සහභාගි වූ රෙබෙකා සංවාදයේ පූරක මනෝහාරි හේවාවසම් සමග මෙසේ පවසන්නීය.
"පහුගිය දවස් ටිකේ මට අසේනිලා ගොඩක් හම්බ වුණා. අසේනිලා හම්බුනාම මම කියන්නේ 'කමියුනිකේට්' කරගන්න කියලා. මට අසේනි වගේ හැසිරෙන්න බෑ. වාසල කියන චරිතය මට හම්බ වුණොත් මම යන්න දෙනවා. ලංකාව ඇතුලේ කෙනෙකුට වැඩ කරන්න තියන ඉඩකඩ සීමා සහිතයි. පෙම්වතියගේ චරිතයක් ලැබෙන්න තියනවා නම් මම කැමතියි."
සමාව ඉල්ලන්න අවශ්‍ය නැති තැන්වලද තමන් සමාව ඉල්ලා ඇති බව කියන රෙබෙකා, ඇතැම් විට සමාව දීම සිදු වන්නේ තම ආත්මාර්ථකාමීත්වය හේතුවෙන්ද බව පවසමින් සමාව පිළිබඳව වෙනමම අදහස් කීපයක් සඳහන් කරන්නීය.
Mirror Arts සතියේ සංවාදය සැම සෙනසුරාදාවකම සවස 07ට Mirror Arts යූටියුබ් නාලිකාවේ විකාශය වේ.

Back to top
Go to bottom

Popular News