lan englan tam

C Chatඑක

ලංකාවේ පළමුවැන්නියන්ගෙන් කෙනෙක්; ඇය මධුනි අලහකෝන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මධුනි අලහකෝන් යනු ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ මෙතෙක් තමන් විසින්ම ගොඩනැගෙන ලද ප්‍රථම කැමරා අධ්‍යක්ෂවරියයි.

Mirror Arts යූටියුබ් කතාබහට මෙවර මනෝහාරි හේවාවසම් සමග සම්මුඛ වන්නේ ඇයයි.
ලංකාව තුළ සරසවි අධ්‍යාපනය සපුරා මේ වන විට ලන්ඩනයේ සිය උසස් අධ්‍යාපනයද සැපිරූ ඇය සිය රැකියාවේ කටයුතුවල නියැලෙන්නී ඉතා සතුටින් ඒ පිළිබඳව කතා කරන්නීය.
සිය හැකියාව මෙන්ම එහි භාවිතය ගැනද වූ ඉලක්කගත උවමනාව මධුනිගේ මේ පියවර සාර්ථක කිරීමට දැඩිව බලපා තිබේ.
ජීවිතයේ එළඹි තරඟකාරීත්වය තුළ වන කුහකත්වයට සාර්ථකව මුහුණ දෙන ඇයගේ මෙම යූටියුබ් සාකච්ඡාවද ආසන්න වශයෙන් ෆේස්බුක් සමාජ ජාලය තුළ වාරණයට ලක් කෙරිණි. ඒ ඇය වෙනුවෙන් ලද ප්‍රතිචාර සහ ඇය වැන්නියන් ගැන ප්‍රජාව තුළ වන උනන්දුවද නිසාය.
මධුනි ජීවිතය දිනන අපේක්ෂා සහිත කලාකාමී හිත් ඇති ගැහැනුන්ට තිර ආදර්ශයකි. මූල්‍ය වාසිය වෙනුවෙන් ඈ සිය වෘත්තීය සහ ප්‍රතිපත්ති පටලවා නොගනී.

ඇගේ පළමු සම්මුඛ සාකච්ඡාව ඊයේ (12) Mirror Arts යූටියුබ් නාලිකාවේ විකාශය විය.

 

Back to top
Go to bottom

Popular News