මීළඟ පාර්ලිමේන්තුවට එන 20ක් 25ක් දෙනා තමන්ට 'මචං' යැයි ආමන්ත්‍රණය කරන පිරිසක් බව පවසන නළුවෙකු සමග මෙවර Mirror Arts යූටියුබ් සංවාදය පැවැත්විණි.
"සාදය හමාරයි - ඒත්, තාම මේසේ පෙරළන්නේ නැහැ. ක්ෂේත්රය ඇතුළෙම ඉන්න අය සමහර සංගම් අකර්මණ්‍ය කළා, මේක ඉවර කරන්න ඕනේ කියලා. මම වෘත්තීය නළුවෙක්. වෘත්තීය නළුවෙක්ට හොඳ වැඩ විතරක් තෝරන්න බැහැ. එතකොට මෙගාවලත් රඟපාන්න වෙනවා."
මෙසේ පවසන්නේ මෑතකදි ටෙලි ක්ෂේත්රයේ බෙහෙවින් කාර්යබහුල නළු සහ නාට්‍ය නිර්මාණකරු සම්පත් ජයවීරය.
තමන් අවම පහසුකම් යටතේ ජීවත් වීමට නොහැකි අයකු බවත් පවතින ක්‍රමය තුළ ජීවත් වෙමින් එය වෙනස් කිරීම සඳහා කටයුතු කරන අයකු වන බවත් මෙතෙක් විවේචනය කළ දේවල් තමන් කෙරෙන් සිදු නොවීමට වග බලාගැනීම පළමුව කළ යුතු බවත් සම්පත් ප්‍රකාශ කළේ මෙවර Mirror Arts යූටියුබ් සංවාදයට මනෝහාරි හේවාවසම් සමග එක් වෙමිනි.
"මචං කියලා කතාකරන්න පුළුවන් 20ක් 25ක් පාර්ලිමේන්තුවට එනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ලක්ෂ ගාණක් වැඩ කළත් තවමත් කිසිම රජයක් කර්මාන්තයක් හැටියට පිළිගෙන නැහැ. සමහර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකටත් වැඩ කිරීම ඇති වෙලා, අපිටත් ඇති වෙලා වුණත් චැනල් එක කියනවා තව කරන්න කියලා." යැයි හෙතෙම ටෙලිනාට්‍ය ක්ෂේත්රය ආදීනව පැවසීය.
ලිංගික දර්ශන රඟපෑම ගැනද සම්පත් සිය ස්වාධීන අදහස් මෙන්ම අත්දැකීමද එහිදී හෙළි කළේය.
"ලිංගික දර්ශනයක් රඟපෑවොත් ක්ෂේත්රයේම අය අහනවා ඇත්තටම කළා ද කියලා. රඟපාන්න ගියාට පස්සේ මට සමාජේ වැඩකුත් නැහැ. මම වැඩේට කැමතිනම් මම රඟපානවා." යැයි සම්පත් සඳහන් කළ Mirror Arts යූටියුබ් වැඩසටහන සෙනසුරාදා සවස 07ට Mirror Arts යූටියුබ් නාලිකාවේ විකාශය කෙරේ.