lan englan tam

අතන මෙතන

‘මාස්ටර් බීන්’ 27 වැනිදා කොළඹට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

‘මාස්ටර් බීන්’ 27 වැනිදා කොළඹට

අසෝක සෙනරත් මුදලිගේ නවතම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය ‘මාස්ටර් බීන්‘ ජනවාරි 27 වැනිදා පස්වරු 6.30ට කොළඹ නව නගර ශාලාවේදී වේදිකා ගත කිරීමට නියමිත ය.

ප්‍රසාද් ගලප්පත්ති මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබේ. ඔහුගේ බිරිය ලෙස රඟන්නේ ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ ය.

සරත් පීරිස්, අජිත ප්‍රනාන්දු, රංජිත් පීරිස්, විජිතා සිරිනිවාස, දමින්ද මෙන්ඩිස්, අමිතා ජයසුන්දර, කුමාරි ජයසිංහ, චමීර සිල්වා, තිමංසා දෙව්මිණි සහ සේසිත කවිඳු සෙසු චරිත රඟති.

සංගීතය මහේෂ් ජයසිංහ, වේශ නිරූපණය සංඛ රණසිංහ, කලා අධ්‍යක්ෂණය විල්ෆ්‍රඩ් පෙරේරා, වේදිකා පරිපාලනය මනොජ් ප්‍රියංකර සහ නිෂ්පාදන කළමනාකරු ජේ. ඒ. කරුණාරත්න විසිනි.

මාස්ටර් බීන් නිෂ්පාදනය ධර්මප්‍රිය ලියනගේ වන අතර නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය අසෝක සෙනරත් මුදලිගේ විසිනි.

Back to top
Go to bottom

Popular News

وحدة تحكم تشخيص الأخطاء لجوملا

الدورة

معلومات الملف الشخصي

الذاكرة المستخدمة

استعلامات قاعدة البيانات