නෙළුම් යාය 2016 වසර සඳහා වන බ්ලොග් සම්මාන උළෙල තෙවන වරටත් 2017 මාර්තු 25 වනදා පැවැත්වේ.
ගිය වසර වලදී මෙන්ම මේ වසරේද පහත සඳහන් අංගයන් සඳහා සම්මාන, සහතික සහ ත්‍යාගයන් පිරි නමනු ලැබේ.
වසරේ හොඳම බ්ලොග් අඩවිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය සඳහා පිළිවෙලින් මුදලින් රුපියල් 15000, 10000 හා 5000 බැගින් පිරි නමනු ලැබේ.
හතර සහ පස්වන ස්ථාන වලට නෙළුම් යාය සම්මානයක් හිමිවනු ඇත.
මුදලින් රුපියල් 5000 සහ නෙළුම් යාය සම්මානයක් පහත සඳහන් අංගයන් සඳහා පිරි නමනු ලැබේ.
අතීත කාමය, අධ්‍යාපනික, ඉතිහාසය, කාලින සංවාද, කෙටි කථා, දේශපාලන, පරිවර්තන, ප්‍රහසන, බ්ලොග් නවකතා, විද්‍යා ප්‍රබන්ධ, විද්‍යා හා තාක්ෂණ, විවිධාංග, සංගීතය, සංචාරක හා ඡායාරූප, කාව්‍ය නිර්මාණ, සාහිත්‍ය කලා විචාර.
ඔබට ඔබේ බ්ලොග් අඩවියද මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඉහත සඳහන් අංගයන් ගෙන් එකකට ඔබේ බ්ලොග් ලිපියක් සුදුසු යයි සිතේ නම් එය එවන්න. එසේම සහෝදර බ්ලොග්කරුවන්ට ද තමන් කැමති බ්ලොග් වල තේරීම් එවිය හැකිය. සියලුම බ්ලොග් ලිපි පලවී තිබිය යුත්තේ 2016 ජනවාරි 1 දා සිට 2016 දෙසැම්බර් 31 දා වන කාල පරාසය තුල පමණි.
ඔබගේ තේරීම් මේ ඊමේල් ලිපින වලට එවන්න.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
කල්‍යාණ මිත්‍ර – عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
එක් එක් අංගයන් සදහා බ්ලොග් අඩවි 5 බැගින් නිර්දේශ කරනු ලැබේ. අවසන් තේරීම මාර්තු 25 දින ප්‍රකාශයට පත් වනු ඇත.