lan englan tam

අතන මෙතන

පළමු සහ අවසන් වතාවට රසිකයින් බලන්න යන 'ලලයි ලිලයි' කාණ්ඩය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිය නාට්‍යයේ තේමා ගීතය ගායනා කිරීම ඇස ගැසුණු 'ලලයි ලිලයි ලයි' නාට්‍යයේ කාණ්ඩයක් ඇහැලියගොඩ උපකාරක පන්තියකට සහභාගි වීමට නියමිතය.

නාට්‍ය කණ්ඩායම එළිමහනේ රසිකයින් හමු වීමට යන පළමු සහ අවසන් අවස්ථාව මෙය බව නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක පවසයි.

"මීට මාසෙකට විතර කලින් ඇහැලියගොඩ පැත්තේ උපකාර පන්තියක ගුරුවරු දෙන්නෙක් දරුවෝ පන්සියයක් විතර එක්ක (සමහරවිට ඊට වැඩිය ඇති) අපේ ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඇතුලේ වයිරල් වුනා.
කොහොමත් අපි පහුගිය කාලේ දැක්කා අපේ තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් තරග අතරතුර ප්‍රේක්ෂකාගාරයට ඇහෙන්න දාලා තියෙන අවස්ථා, යාළුවෝ ට්‍රිප් ගිහිල්ල විවිධ ස්ථානවල ගීතය ගායනා කරමින් නර්තනයේ යෙදෙන අවස්ථා, කාවඩි සඳහා ගීතය භාවිතා කරපු අවස්ථා, ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ඔවුන්ගේ එළිමහන් සංගීත ප්‍රසංගවල ගායනා කරන අවස්ථා, ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් විවිධ ආකාරයෙන් ගීතය භාවිතා වන අවස්ථා. ඉතිං ඒ හැමෝටමත් ස්තූතියි.
හැමෝම හම්බෙලා ස්තූති කරන්න,කතා කරන්න වෙලාවක් නැති නිසා අපි හිතුවා ඒ හැමෝම වෙනුවෙන් අර පුංචි දරුවන් බලන්න අපි ඇහැලියගොඩට යන්න ඕන කියලා.
දිනය සැප්තැම්බර් හත්වෙනිදා. මේ පහල තියෙන පෝස්ටර් එකේ ඉතුරු විස්තර ඔක්කොම තියෙනවා.
මිලා, ධනුෂ්ක, ඩොක්ටර් සෙව්වන්දි, සුකුමල් එක්ක අපි එනවා.
මේ අපි මෙහෙම ගමනක් යන පළවෙනි සහ අවසාන අවස්ථාව. ඒ පැත්තේ හිටියොත් ඇවිල්ලා යන්න එන්න.."

Back to top
Go to bottom

Popular News