lan englan tam

අතන මෙතන

ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් නිළිය; ජූහි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
80 මැද භාගයේ බොලිවුඩ් ගමන අරම්භ කල ජූහී චව්ලා, ඉන්දියානු පරිපාලන සේවා නිළධාරියකුගේ දියණියක් වන අතර 90 දශකයේ ඉහලින්ම සිටි නිළියකි. ෂාරුක් ඛාන්, අජේ දේව්ගන්, අමීර් ඛාන්, සනී ඩියෝල් ,ආක්ශය කුමාර් ,ගෝවිදා සහ රිෂි කපූර් සමග තිර අවකාශය බෙදාගත ජූහී 1986 වසරේ සුල්තනාත් චිත්රපටයේන් සිනාමාවට ප්රවිශ්ඨ විය. ඒ මෙන්ම 1984 වසරේ මිස් ඉන්දියා රූ රැජින තරඟයෙන් කිරුළු පැළඳින ලදි.

 Hurun India Rich List 2024 ලැයිස්තුවට අනුව ජූහී ඉන්දියාවේ ධනවත්ම නිළිය ලෙස නම් කරයි.තවත් වැදගත්ම දේ නම් බොලිවුඩ්යේම ධනවත්ම පුද්ගලායා ලෙස ද සදහන් වෙන්නේ ජූහී චව්ලායා එය දෙවන වනුයේ බොලිවුඩයේ ජනප්රියම සුපිරි තරැව වන ශාරැක්ට පමණයි. මීට අමතරව, ඇය 2024 Hurun India Rich List විසින් නිකුත් කරන ලද හොඳම self-made කාන්තාවන් 10 දෙනාගේ ලැයිස්තුවේ හයවන ස්ථානයට ද හිමිකම් කියයි . ජූහි චාව්ලා ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් නිළිය වේ. ඇයගේ ශුද්ධ වත්කමේ වටිනාකම ඉන්දියානු රැපියල් කොටි 4600 කි.

ජූහී චව්ලා විවහාවිමට කලින් සිටම හොදම සිනාමා ගමක් තිබු ශක්තිමත් ආර්තිකයකට හිමිකම් කී අතර 1995 ඇයට වඩා අවුරැදු 6ක් වැඩිමහලු ජායි මෙහෙතා සමග විවහා විමෙන් පසුව ඇයගේ පවුල් ජීවතය මෙන්ම ආර්තකයද ශක්තිමත් විය.
ජූහීගේ ධනය වැඩිවීමට හේතු ඔබ දන්නවාද ?
මෙයට බලපෑමක් වන ප්රබල සාධකයක් වනුයේ ජූහී හා ශාරැක්ගේ කොල්කටා නයිට් රයිඩස් අයි පී එල් කණ්ඩයමයි (ෆෝබ්ස් සඟරාවට අනුව, 2022 වන විට KKR හි වටිනාකම ඩොලර් බිලියන 1.1 (ආසන්න වශයෙන් රුපියල් කෝටි 9,139) වේ) ඉට එමතරව ජුහී හා ඇයගේ සැමියා කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී නිවාසවල සහ උසස් මිල අධික මෝටර් රථ සමූහයක සාඩම්බර හිමිකරුවන් වේ. මුම්බායි හි මලබාර් හිල් දැවවලින් නිර්මාණය කල ඉතා සුන්දර දැකුම්කලු සිත් ඇදගන්නාසුළු සුන්දර වටපිටාවක් සහිත මහල් නිවස මෙන්ම ඔවුන්ට පාරම්පාරාවෙන් උරැම වූ Channa Daswatte විසින් ප්රතිනිර්මනය කල ගුජරාටයේ පෝර්බන්දර් හි හිල් බංගලාව පරම්පරික බන්ගලාවද අයත් වේ. මිල රුපියල් කෝටි 1.8. වටිනා BMW 7 Series රථයක්ද ,රුපියල් කෝටි 1.7 ක් වටිනා Mercedes-Benz S Class රථයක්ද ,රුපියල් කෝටි 1.2 Jaguar XJ රථයක්ද, රැපියල් කෝටි 1.36-2 වටිනාකමක් සහිත Porsche Cayenne මොටර් රථ සමුහයක්ද , රුපියල් කෝටි 3.3 ක් වන ඇස්ටන් මාටින් රේපයිඩ් රථයක් ද ජූහී ජායි සතුයි .
මේ සියලුම වත්කම නිසා ජූහී බොලිවුඩ් වල ධනවත්ම නිළිය ලෙස 2024 කිරැලු පලදින ලදී .
 
අශේන් සුරංග - භාරත රසික සිනමා සංසදය
Back to top
Go to bottom

Popular News