lan englan tam

අතන මෙතන

නාමයෝජනා සිහිනය තවමත් රන්ජා සමග

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීම සඳහා සඳහා සිය නායකත්වයෙන් යුතු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක නාමයෝජනා සිහිනය තවමත් බිඳී නොමැත.

ඒ රන්ජන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන්නැයි නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කිරීමත් සමගය.
ඊයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණ අතර රන්ජන්ගේ නාම යෝජනාවට එරෙහිව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
කෙසේනමුත්, මෙම ආරංචිය රන්ජන්ට සහ ඔහුට මැතිවරණයේදී මනාප දීමට සිතන අයට තවදුරටත් සුභාරංචියක් වනු ඇත.

Back to top
Go to bottom

Popular News