lan englan tam

අතන මෙතන

සක්‍රීය දේශපාලනයට අලුතෙන් ආ නිළි මුහුණ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහේෂි මධුසංඛා රූපවාහිනී තිරයට අලුත් මුහුණක් නොවුවත් ඇය සක්‍රීය දේශපාලනයට අලුත් මුහුණකි.

ඇය ඊයේ (26) දිනයේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ සක්‍රීය දේශපාලනයට එන බව ඇය එහි සමුළුවේදී තහවුරු කළාය.
මහේෂි රංගනයෙන් මෙන්ම සුරූපීබවෙන්ද අගතැන්පත් නිළියක වන අතර මෑතකදී රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසද වෘත්තීය කටයුතු සඳහා එක් වූවාය.
පසුගිය කාලයේ හිරු රූපවාහිනී නාලිකාව විසින් කළ වැඩසටහනකට සහභාගි වූ තැනැත්තෙකුට අගතියක් සිදු වූ බවට සඳහන් කළ ඇය දිගින් දිගටම එම නාලිකාවේ බලධාරීන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කළ අතර ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිලි කිරීමට සිදු වන ආකාරයේ තත්ත්වයක් එහිදී උද්ගත විය.
මහේශි රංගනයේ මෙන් දේශපාලනයේදී කටයුතු කරන ආකාරය කෙසේද යන්න ඇගේ රසිකයින් නොදන්නා නමුත්, ඇය දෙස මේ මොහොතේ ඇගේ රසිකයින් බලා සිටිනු නොඅනුමානය.

Back to top
Go to bottom

Popular News