lan englan tam

විශේෂාංග

සොඳුරු සංගීතඥයා නික්ම ගියේය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහවැස්සක් බිමට හලා 

නිදහස් වූ අහසක් සේ

ඔබ නිසොල්මනේ එපා හිඳින්න...

සුනිල් දයානන්ද කෝනාර නම් වූ සොඳුරු සංගීතඥයා ගේය පද රචකයා මානව හිතවාදියා අප හැර ගොසිනි...අප ඔහු හමුවන දවස පිළිබඳ ඇත්තේ කාලය පිළිබඳ පරතරයක් පමණක් බව ඇත්තය...එහෙත් අප මෙහි සිටියදී ඔහු නික්මයාම කවර කම්පාවක්ද... සුනිල් අයියා නිහඬ, එහෙත් ගැඹුරු ජීවන දර්ශනයක් ඇසුරෙහි දිවි ගෙවූ නිර්මාණකරුවෙකි...සංගීත ගුරුවරයකු ලෙස ඔහුගේ කාර්යභාරය මට ගුරුගීතයේ දුයිෂෙන් පිළිබඳ මතකය ජීවමාන කළ බව කිව යුතු ය.

හර්ෂණ දිසානායක ගායන වේදියාත් මහේෂ් විතාන සංගීතවේදියාත් සුගත් සෝමවීර ගේය පද රචකයාත් සිය නිර්මාණ චාරිකාව ප්‍රභාෂ්වර කරගන්නේ සුනිල් දයානන්ද කෝනාර නම් වූ මේ පීතෘගුන පිරි ගුරුවරයාගෙනි...ඔහු පරපුරක් බිහිකිරීමේ නොතිත් ආශාවෙන් පෙළුන ගුරුවරයෙක් බව මම දනිමි...ඔහු අතින් තනු නිර්මාණය වී විශාරද නන්දා මාලිනිය ගයන "වහින්නට හැකිනම් ගිගුම් දී"නම් වූ ගීතයේ සැබෑ අරුත ඔහු සිය භාවිතය තුළින් ම ප්‍රකට කළේය...ඔහුගේ සංගීත ඥානය වැස්සක් සේ ඇද වැටුනේ නව පරපුරක උන්නතිය වෙනුවෙනි.

කොතරම් ප්‍රතිභාවක් තිබුණද ඔහු ඊට මිලක් සොයා අගනුවරට ආවේ නැත.ශබ්දාගාරයක ඉඳහිට ඔහු මුණගැසුනේ නම් ඒ ගමේ දරුවෙකුගේ හපන්කමක් ඔපමට්ටම් කිරීම වෙනුවෙන් පැමිණි ගමනකදී ය...මාස කිහිපයකට පෙර ඔහුගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණි."රවි මල්ලි මම ඔයාගෙ ගීතයකට තනුවක් හදලම නෑනෙ.මම ගීත ටිකක් කරන්න යනව වචන ටිකක් තියනවනම් එවන්න" යැයි මගෙන් ඉල්ලා සිටියේය.එය චන්දන ලියනාරච්චි වෙනුවෙන් තනු නිර්මාණය කරන බව ද ඔහු සඳහන් කළේය.ඒ අනුව මම ඔහුට පද රචනාවක් යොමු කළෙමි..එහෙත් දෛවය අපට නිර්මාණයකින් එකතුවීමේ සතුට විඳගන්නට ඉඩ දුන්නේ නැත.එම්බා මරණය.!.නුඹ කොතරම් කුරිරුද..? තනු නිර්මාණයත් ගේය පද රචනයත් යන දෙඅංශය තුළම සමාන ප්‍රතිභාවක් පළකළමෙරට නිර්මාණකරුවන් කිහිප දෙනා අතර ඉහළින්ම රැඳෙන්නට සුනිල් අයියාට හැකිවිය.සුනිල් එදිරිසිංහ ගයන "මහ වැස්සක් බිමට හලා,කරුණාරත්න දිවුල්ගනේ ගයන 'ගමට කලින් හිරු,පිනි පොදක් නැතිව සුසුම් හෙලන,පෝයට ඇවිලෙන", ක්‍රිෂාන්ත එරන්දක ගයන "සමනල පාලම උඩ"වැනි ගීත ඔහු සතු එම විරල ප්‍රතිභාවට කදිම නිදසුන්ය..එමෙන්ම කරුණාරත්න දිවුල්ගනේ ගයන "සුදුපාට මල් පිපුණු අරලියා හෙවන යට" ගීතයේ ගේ පද සුනිල් අයියාගේය...

ඒ සියලු මතක අප අතර ඉතිරි කර ඔහු සමුගෙන තිබේ....සුනිල් අයියාගේ නිර්මාණ පිළිබඳ විමර්ශන කෘතියක් කරන අදහසින් සුගත් සෝමවීර ඔබේ ගී පද පිළිබඳ විචාරලිපියක් ලියා දෙන්නැයි මගෙන් ඉල්ලා තිබුණි.මා සිටියේ ඊට සූදානම් වෙමිනි.එහෙත් එය කියවා සතුටට පත්වන සුනිල් අයියා දකින්නට මට නොහැකිවීම මගේ ද අභාග්‍යකි...ඉතින් නිවනට මත්තෙන් අපි අයෙම එකම අහසක් යට හමුවෙමු... එතෙක් මේ විරාමය ඉවසා සිටිය යුතුව තිබේ.....

රවී සිරිවර්ධන

Back to top
Go to bottom

Popular News