අද ඉඳන් අපි කතා කරන්න හදන්නේ ටිකක් අමුතු මාතෘකා පෙළක් ගැනයි. කාලයත් එක්ක එළියට එන සිදුවීම්, පුද්ගලයින්, අලූත් වගේ ම වටිනා තොරතුරු බොහෝමයක් මේ විශේෂාංගය හරහා කතා ඔබට දැනගන්න පුළුවන් වේවි.
හා හා පුරා කියලා ඉස්සෙල්ල ම මේ කතා කරන්න හදන්නේ ටිකක් සැර මාතෘකාවක් ගැන. ජීවිතයේ අපට වරින් වර හමුවන මිනිසුන් අතරින් ඔබ එක් වරක් හෝ අහලා ඇති සර්පයින්ව මෙල්ල කරන්න පුළුවන් වගේ ම සර්පයින් එක්ක ළෙංගතුව ගණුදෙනු කරන හරි අපූරු පුද්ගලයින් ගැන. ඉතින් අද අපි මේ කතා බහ ගෙන එන්නේ සර්පයින් එක්ක ඉතා සමීපව ගණුදෙනු කරන්නෙක් විදිහටත්, සර්පයින්ව සුරක්ෂිත කරන්නෙක් විදිහටත් අනික් අතින් ඡායාරූප ශිල්පියෙක් විදිහටත් කටයුතු කරන අරවින්ද භූමි එක්කයි. විවිධ සත්ත්ව කොට්ඨාස අතරින් එක් සත්ත්ව කොට්ඨාසයක් වන සර්පයෝ කියන්නේත් කරදර පීඩා ගෙන නොදෙන පිරිසක් බව ඔහු පසක් කරගෙන හමාරයි.
ඉතින් මිරර් ආර්ට් අපි මුලින් ම ඇහුවේ, භූමි, ඔබ මේ විදිහේ වෙනස් ක්ෂේත්රයක් තෝරාගන්න හිතුවේ ඇයි කියලා.
ඔහු දීපු උත්තරේ විදිහට නම් 2007 තරම් අවුරුදු දහයක් ඈතට අපිව අරගෙන යනවා.
ඇත්තට ම මං උසස් පෙළ කරන කාලෙදි නියම වෙලා තිබුණු ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරන්න තමයි එක එක පුද්ගලයෝ මුණගැහිලා වැඩිදුර තොරතුරු ගොඩක් හොයලා සර්පයෝ ගැන මගේ ප්‍රොජෙක්ට් එක කරේ. ඉතින් ඒ කාලේ ඉඳලා ම මට ලොකු කැමැත්තක් තිබුණා සර්පයෝ ගැන හදාරන්න. මේ විදිහට කාට හරි සත්ත්වයින් ගැන ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒකට දෙහිවල පිහිටලා තියන ජාතික සත්වෝද්‍යානයේ තියන ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය තමයි හොඳම තැන කියන එකත් මං කියන්න ඕන. ඉතින් පස්සේ කාලෙක මට තිබුණු ආසාවත් එක්ක ම හරි විදිහට ඉගන ගන්න ඕන නිසා තරුණ සත්වවේදීන්ගේ සංගමය හරහා බොහෝ දේ විද්‍යාත්මකව ඉගෙන ගත්තා. ඒත් එක්ක ම සම්පත්දායකයෝ හැටියට විවිධ ව්‍යාපෘති වගේ ම පර්යේෂණවලටත් සම්බන්ධ වුණා.
කොහේ හරි ප්‍රදේශයක සර්පයෙක් ඉන්නවා නම් ඒ සර්පයාව ආරක්ෂා කරන අරමුණින් භූමිට දැනුම් දෙන පිරිසක් දැන් ඉන්නවා. අපි ඒ ගැනත් අහලා බැලූවා.
ගොඩක් අය එෆ්.බී. එක හරහා වගේ ම දුරකථනයෙන් දැනුම් දෙනවා. සර්පයා මොන විශේෂයට අයිති ද කියලා බලලා තමයි ගිහිං දාන්න ඕන තැන තීරණය කරන්නේ. කොළඹ වගේ පැත්තකින් ඇල්ලූවොත් ඒ ආශ්රිත පාරිසරික ප්‍රදේශ වන මුතුරාජවෙලට, කිතුල්ගලට වගේ නිදහස් කරන්න පුළුවන්. හැබැයි ගිහිං දාන්න බැරි තරම් දුර ප්‍රදේශයක නම් ඉන්නේ දවස් දෙක තුනක් ඇතුළත ඒ අදාළ ප්‍රදේශයට ළඟා වෙනකම් සර්පයාට කන්න බොන්න දීලා අපි ළඟ තියාගන්නවා. මොකද ඌට නිදහසේ ඉන්න පුළුවන් වගේ ම ජීවත් වෙන්න ගැළපෙන පරිසරයයි වැදගත්.
මේ විදිහට සර්පයින් එක්ක ගණුදෙනු කරද්දි දෂ්ඨ කිරීම් එහෙම වෙන්නේ නැද්ද කියලා ඇහුව ම භූමි කීවේ මේ වෙනකොට උග්‍ර විෂ සහිත නයි දෙන්නෙක්ගේ දෂ්ඨ කිරීමට ලක් වෙලා තියනවා කියලා. ඒ විදිහේ අනතුරක් සිදු වුණාම ඒ විගස ම රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා බවයි ඔහු වැඩිදුරටත් අපිත් එක්ක කියා සිටියේ.
සංවාද සටහන - නලී عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.