තමන් පෞද්ගලිකව 'කූඹියෝ' සහ 'සහෝදරයා' ටෙලිනාට්‍ය දෙකෙන් කූඹියෝ කෙරෙහි වැඩි කැමැත්ත දක්වන බවත් ඒ මන්ද යන්නත් ඡායාරූප, සිනමා විෂයේ මෙන්ම දේශපාලනයේ සක්‍රීය මත දක්වන්නකු වන බූපති නලින් වික්‍රමගේ විසින් කලකට පෙර පළ කරන ලද අදහසකින් පවසයි.
'කූඹියෝ' සහ 'සහෝදරයා' ටෙලිනාට්‍ය දෙක පිළිබඳව 2018 වර්ෂයේ පැවැත්වුණු සංවාදශීලී කතිකාවකට සහභාගි වෙමින් බූපති නලින් කළ ප්‍රකාශයක් මෑතකදී යළි ඔහුගේ යූටියුබ් ගිණුමේ පළ කර ඇති අතර එහිදී ඔහු මෙම විවරණය සිදු කරයි.
'කූඹියෝ' සහ 'සහෝදරයා' යන ටෙලිනාට්‍ය වර්තමානයේ පවා විශාල ප්‍රතිචාර සහිත නාට්‍ය ද්විත්වයක් වන අතර එහිදී බූපති විසින් දක්වන ලද අදහස නාට්‍ය දෙකෙහි රසිකයින්ට මෙන්ම එය නැරඹීමට උනන්දු වන අයකුටද ඉතා වැදගත්ය.
කිණිහිර අධ්‍යයන කවය විසින් 2018දී මෙම සංවාදශීලී කතිකාව සංවිධානය කරනු ලැබ තිබූ අතර එම ප්‍රකාශයේ සාරාංශයක් පහතින් පළ වේ.
"'ජෙහාන්' කියන්නේ පාදඩකරණයේ එහාට ගිය චරිතයක්. පෞද්ගලිකව කූඹියෝ නාට්‍යයට මම කැමැතියි. 'සහෝදරයා' කියන්නේ 'සුමිත්‍රයෝ' වැනි උපදෙස් දෙන නිර්මාණයක්. කූඹියෝහි ඝෘජුව කතාවක් කියනවා. එහි ප්‍රධාන චරිත දෙපලගේ පෞද්ගලික ජීවිතයක් පෙන්නට නෑ. ඒකෙ මහා චිත්‍රයක් තියෙන්නේ. සහෝදරයාහි තියෙන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. කූඹියෝ කිව්වම ඉතා පොඩි දෙයක් වුණත් එයින් මහා චිත්‍රය කතා කරන්නේ. සහෝදරයාහි කියන්නේ විශාල මිනිස් එකමුතුවකට තනි වචනය තමයි යොදාගෙන තියෙන්නේ. කොම්රේඩ් කියන වචනය මම දන්න හැටියට ලංකාවේ අපි කියන්නේ නෑ. සහෝදරයා කියන වචනය ඒ නිසා වැදගත්. නමුත්, එහි කියන්නේ ගෙයක් ඇතුළේ කතාවක්. එහි ලංකාවේ ශාස්ත්රාලීය කලාවේ බොහෝ ලක්ෂණ ගණනාවක් අරන් තියෙන්නේ."