lan englan tam

විශේෂාංග

ඇන්ජලීනා ජොලීව පරදා ‘Lara Croft’ වූ ඇලීසියා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඇන්ජලීනා ජොලීව පරදා ‘Lara Croft’ වූ ඇලීසියා


2018 වසර හොලිවුඩ් සිනමාවට විශිෂ්ට වසරක් වන බව නම් නොඅනුමානය. 2017 වසරේ සිදු වූ නිර්මාණයන්ට සාපේක්ෂව මෙම වසරේ බොහෝ නිර්මාණයන් ප්‍රමාණයක් එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම වසරේ එළිදැක්වීමට ඇති හොලිවුඩ් චිත්‍රපට අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති චිත්‍රපට කිහිපයක් වේ. ඒ අතරින් ඇතැම් නිර්මාණ මේ වසරේදී ප්‍රතිනිර්මාණය වූ ඒවා වේ. 2001 වර්ෂයේ නිෂ්පාදනය වූ චිත්‍රපට මාලාවක ප්‍රතිනිර්මාණයක් එළඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි.


2001 වසරේදී හොලිවුඩ් සිනමාවේ පෙරළිකාර චිත්‍රපටයක් ලෙස නම් වූ Lara Croft: Tomb Raider ඒ අතරින් එකකි. ඇන්ජලීනා ජොලී එහි Lara Croft චරිතය සඳහා පණ පොවනු ලැබුවාය. ඇන්ජලීනාගේ සිනමා ආගමනයේ මූලික කාලවකවානුව එයයි. එම කාලයේදී හොලිවුඩ් සිනමාවේ පෙරළියක් ඇති කළ චරිතයක් වන ඇන්ජලීනාගේ මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළකරනු ලැබීය. එමෙන්ම එය ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක්ද විය. Lara Croft: Tomb Raider චිත්‍රපටය ඇන්ජලීනාගේ 18 වැනි චිත්‍රපටයයි. 1982 වසරේ සිනමාවට අවතීර්ණ වී 2001 වසර වන විට වෘත්තීමය රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ලබා සිටි ඇයගේ රංගන ජීවිතයේ වෙනස්කම් රැසක් සිදු වූ චිත්‍රපටයක් ලෙස මෙය හැඳන්විය හැකිය.


2003 වසරේදී එම චිත්‍රපටයේ දෙවැන්න ලෙස Lara Croft Tomb Raider: The Cradle of Life චිත්‍රපටය එළිදැක්වීය. එම චිත්‍රපටයද ආදායම් වාර්තා බිඳහෙළමින් තිරගත විය. මේ වන විට එම චිත්‍රපටය කෙරෙහි විදෙස් අවධානය යොමුවන්නේ එහි තෙවැන්නක් එළිදැක්වීමට නියමිත බැවිනි. Tomb Raider ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටයේ Lara Croft චරිතයට පණ පොවනු ලබන්නේ ඇන්ජලීනා නොවීම පුදුමයට කරුණකි. ඒ අනුව ලබන මස එළිදැක්වීමට නියමිතව ඇති Tomb Raider චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ මෑතකදී සිනමාව තුළ ජනප්‍රියත්වයක් ඉසිලූ නිළියක් වන ඇලීසියා විකැන්ඩර් විසිනි. රෝර් උතාග් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය ක්‍රිස්ටල් ඩයිනමික්ස් විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිර්මාණය වන්නක් බව සඳහන් වෙයි.


මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන ඇලීසියා මීට වසර 08කට පෙර, එනම් 2010 වසරේදී සිනමාවට අවතීර්ණ විය. Pure නම් චිත්‍රපටය ඇයගේ ප්‍රථම සිනමා නිර්මාණය වුවත්, ඇය පුංචි තිරයේ වැඩකටයුතු සඳහා 2002 වසරේ සිට නියැළී තිබේ. ඇය 2002 වසරේ විකාශනය වූ රූපවාහිනී කතාමාලාවක අතුරු චරිතයක් සඳහා රංගන දායකත්වය ලබාදී තිබේ. ඉන්පසු 2003 වසරේදී සහ 2005 යන වසරවල රූපවාහිනී නිෂ්පාදනයන් වෙනුවෙන් ඇය රංගන දායකත්වය ලබාදී තිබේ. ඒ ආකාරයෙන් රංගනයට ප්‍රවිශ්ට වූ ඇලීසියා 2011 වසරේදී දෙවැනි සිනමා නිර්මාණයට දායක වෙයි. ඒ The Crown Jewels චිත්‍රපටයටයි. ඉන්පසු ඇයට 2012 වසරේදී සිනමා නිර්මාණයන් 02ක් සඳහා රංගන අවස්ථාව හිමිව තිබේ. 2013 වසරේදී ඇය තවත් සිනමා නිර්මාණ දෙකක් සඳහා රංගනයෙන් දායක වන අතර, ඒ අතරින් The Fifth Estate නම් වූ චිත්‍රපටය අසාර්ථක විය. 2014 වසරේදී ඇය චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක වූ අතර, ඒ අතරින් ඇයගේ ජීවිතය වෙනස් කරනු ලැබූ චිත්‍රපටයක් ලෙස Seventh Son චිත්‍රපටය හැඳන්විය හැකිය. මනඃකල්පිත මායා කතාවක් ලෙස ප්‍රසිද්ධියට පත්වූ එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරටද පැමිණියේය. 2015 වසරේ සිට 2017 වසර දක්වා ඇලීසියා චිත්‍රපට 09ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. එමෙන්ම මෙම වසරේ ඇය චිත්‍රපට 02ක් සඳහා රංගනයෙන් දායක වන අතර, එම චිත්‍රපට අතරින් Tomb Raider චිත්‍රපටය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. අනෙක් සිනමා නිර්මාණය වන Freak Shift චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව සඳහන් වෙයි. ඇලීසියා Tomb Raider චිත්‍රපටයේ Lara Croft චරිතයට කොපමණ සාධාරණයක් ඉෂ්ට කරාවිදැයි යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවන බවත්, මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ ධනාත්මක අදහසක් ඇති බවත් චිත්‍රපට විචාරකයන් පවසා තිබේ.

Back to top
Go to bottom

Popular News