lan englan tam

විශේෂාංග

මුනුපුරු මිනිපිරියන් එක්ක රන්දීර් සමරපු උපන් දිනය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මුනුපුරු මිනිපිරියන් එක්ක රන්දීර් සමරපු උපන් දිනය

කරිෂ්මා, කරීනා සොහොයුරියන් කපූර් පවුලේ සම්ප්‍රදායන් බිඳ දමමින් බොලිවුඩයම දිනා ගත් පුරූපී තරු අතරට එක්වෙනවා. මේ සුරූපිනියන්ට බොලිවුඩයට එන්නට අවස්ථාව පහසුවෙන්ම හමි වන්නේත් කපූර් පවුල සිනමාව තුල හිමිරගත් කීර්තිනාමය නිසයි.

මේ දෙන්නාගේ ආදරණීය පියා රන්දීර් කපූර් කලකට පෙර ජනප්‍රිය රංගන තරුවක්. පසුගිය දිනෙක මොහුගේ 71 වැනි උපන්දිනය උත්කර්ෂවත්ව සමරන්න කපූර් පවුලේ ගොඩක් දෙනා එක්වුණා. රන්දීර්ගේ උපන් දින කේක් එක සැරසුණේත් Taimur,Kiaan,Samaira කියන මුනුපුරු මිනිපිරියන්ගේ නම් වලින්. ඒ අතරේ මේ පොඩිත්තන්ගේ ආදරය මේ කේක් සැරසිල්ලට එක් වුණේ ‘We Love You Nana’කියලා සඳහන් වුණු වචන පෙළකින්.

කරීනා කපූර් ඇයගේ පුංචි පුතු ටයිමුර් හා සැමියා සමග මේ සාදයට එක් වුණා වගේම කරිෂ්මාත් පැමැණියේ ඇගේ දරු දෙදෙනා සමගින්. මුම්බායිහි සුපිරි අවන්හලක සංවිධානය කළ මේ උපන් දින සාදයට කපූර් පවුලේ නෑ හිතවතුන් රැසක්ම සහභාගි වුණා.

ශාලිකා රංගනී සමරදිවාකර

Back to top
Go to bottom

Popular News