lan englan tam

විශේෂාංග

පද්මාවතී ගේ ගාන මෙන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පැරණි හින්දු කාව්‍ය ග්‍රන්ථයක් වන පද්මාවත් කාව්‍යයේ සඳහන් රානි පද්මිණී හෙවත් පද්මාවතී චරිතය අළලා සම්මානනීය හින්දි සිනමාවේදී සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ පද්මාවතී චිත්‍රපටය පසුගිය 25 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹුනා.

මෙම සිනමා පටයට සුපිරි බොලිවුඩ් නළු නිළි රැසක් සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්.

ඒ අතර දීපිකා පදුකෝන්, රන්වීර් සිං මෙන්ම ෂාහිඩ් කපූර්ද වෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ට අදාළ සිනමා නිර්මාණය වෙනුවෙන් සිදුකර ඇති ගෙවීම් පිළිබඳව සුවිශේෂ හෙළිදරව්වක් පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

Padma pathmawathi set 2  චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය නිරූපණය කරන දිපීකා පදුකෝන්ට එහි රඟපෑමට ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් ගෙවූ බවයි එහි    සඳහන් වන්නේ.

  එය දීපිකා මෑතකදී ලබාගත් ඉහලම මුදල බවයි වාර්තා වන්නේ.

  මේ අතර ෂාහිඩ් කපූර්ට ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක්ද, රන්වීර් සිංට ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලක්ද චිත්‍රපට නිෂ්පාදක        සංජය ලීලා බන්සාලි විසින් ගෙවා ඇති බවද එහි සඳහන්.

  මෙම චිත්‍රපටයේ සෙසු සහය චරිත නිරූපණය කළ නළු නිළියන්ට කර ඇති ගෙවීම් පිළිබඳව ද එහි සඳහන්.

Back to top
Go to bottom

Popular News