lan englan tam

විශේෂාංග

ගගනගාමී කවි

تقييم المستخدم: 2 / 5

تفعيل النجومتفعيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
දැන් ඔය අනාගතේදි ලංකාව දියුණු රටක් වෙලා ලංකාවෙ උන් ගගනගාමියො වෙලා උන් අභ්‍යවකාශෙ තරණය කරද්දි ඔය පැල් කවි, කරත්ත කවි, පාරු කවි වගේ ගගනගාමී කවිත් කියයි නේද ප්‍රෙන්ස්....

ඉන්නෙත් දුෂ්කරයි ග්‍රහලෝකයක පිට....
කන්නෙත් ටින් කෑම ප්‍රිසවේටිව් රසට....
බොන්නෙත් ආයෙ ආයෙත් ෆිල්ටර්ඩ් වෝට....
යන්නේ කවදාද පෘතිවිය දකින්නට....

අඟහරු ලොවේ ඉන්නා පිටසක්වලයා....
සුදුයි කොටයි ටෙලිපති පණිවිඩ ඇරියා....
යන යන යානාව නවතාගෙන හිටියා....
මිනී නොකයි අඟහරු පිටසක්වලයා....

දුම්බර කන්ද වැනි තඩි ස්පේස් ෂටලේ....
නැඟලා කට්ටියක් පොළොවට ගමන් කළේ....
බස්නාහිරට වොයෙජර් ත්‍රී පිටත් කළේ....
විස්තර කියමි පාලක මැදිරිය ඇතුළේ....

මා බාලේ අඟහරු ගිය රෝවරයා....
අඟහරුවල පොටෝ එව එවා හිටියා....
පිටසක්වලු ඇවිදින් ඌ අරන් ගියා....
අපොයි අපේ නාසා එකේ රෝවරයා....

රුසියාවට ගගාරින් වාසනාවන්....
ඇමරිකාවෙ ආම්ස්ට්‍රෝන් වාසනාවන්....
චීන්නුන්ට යැන්ග් ලිවෙයි වාසනාවන්....
ජාතිත් අපිට නාසා වාසනාවන්....

හඳට හොරෙන් ආම්ස්ට්‍රෝන් මැරිලා ගියා....
ඉරට හොරෙන් කළු කුහරය ගිලලා ගියා....
තරු අතරින් ඔරායනයා පැනලා ගියා....
මටත් හොරෙන් ඇන්ඩ්‍රොමීඩා දීග ගියා....

තරු සේරම කළු කුහරයා ගිලලා ගියේ....
අවරගිරින් ස්කොර්පියන් පැනලා ගියේ....
ඔරායනුත් එක්කලා නුඹ දීග ගියේ....

මට තනි නැත ඇන්ඩ්‍රොමීඩා කුමාරියේ....
- සචින්ත ප්‍රමෝද් නාඔටුන්න
LANKA NEWS WEB 
 
Back to top
Go to bottom

Popular News